මෙම වසරේ රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම ගැන රජයේ තීරණය.

Report

2024 වර්ෂය තුළ රාජ්‍ය සේවකයින්ට නැවත වැටුප් වැඩි කිරීමක් සිදුකළ නොහැකි බව ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයට දැනුම්දුන් බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළා.

ඔහු මේ බව කියා සිටියේ, ඊයේ (15) දිනයේ සත්ත්ව නිෂ්පාදන හා පශු සම්පත් සංවර්ධන අංශයට අයත් සේවක මණ්ඩල කිහිපයක් නියෝජනය කරන වෘත්තිය සමිති නිලධාරින් සමඟ ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදීයි.

ඊයේ දිනයට සාපේක්ෂව අද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිලෙහි සිදු වූ වෙනස.

ඊයේ දිනයට සාපේක්ෂව අද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිලෙහි සිදු වූ වෙනස.


එහිදී එම වෘත්තිය සමිති නියෝජිතයින් ඉදිරිපත් කළ ගැටලු රැසකට විසඳුම් ලබා දීමට එකඟත්වය පළ වී ඇති අතර, මෙම වසර තුළ නැවත වැටුප් වැඩිවීමක් ලබා දෙන ලෙස සියලු වෘත්තිය සමිති නියෝජිතයින් අමාත්‍යවරයාගෙන් ඉල්ලිමක් කර ඇත.

ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ නැවත රජයේ සේවකයින් සඳහා වැටුප් වැඩිවීමක් සිදුවන්නේ ලබන වසරේ දී බවත්, මෙම වසර තුළ නැවත වැටුප් වැඩිවීමක් සිදු කළහොත් රට ආර්ථික වශයෙන් නැවතත් කඩා වැටීමකට ලක්විය හැකි බවත් එමෙන්ම මේ වසරේ දී රාජ්‍ය සේවකයින්ට රු 10,000ක වැටුප් වැඩිවීමක් සිදු වූ බවත්ය.

.....................................................

May you Like