රාජ්‍ය සේවක වැටුප් වලට කුමක් සිදු වෙයි ද?. මේ ඒ ගැනයි..

Sri Lanka Government Of Sri Lanka
By krishani Oct 15, 2023 05:41 AM GMT
krishani

krishani

Report

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් මෙවර අයවැයෙන් වැඩිවන බවට අපේක්ෂා කරන බව මහනුවර දිස්ත්‍රික් පා.ම හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේ ය.

ඊයේ (14) ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නාවලපිටිය නැගෙනහිර ආසනයේ ශාඛා සමිති ප්‍රතිසංවිධාන කටයුතු වලට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේ ය.

එමෙන්ම මෙරටට ලබා දි ඇති ණය සම්බන්ධයෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරිමට රටවල් කිහිපයක් දැනටමත් එකගතාවය පල කර ඇති නිසා ලබන මස වන විට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ගිවිසුම්ගත විමට හැකි බව ඔහු පැවසීය.

කෙසේ වෙතත්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය මුදල මෙරටට ලැබිමෙන් පසු නතර කළ සංවර්ධන කටයුතු සියල්ල යලි ආරම්භ කිරිම සිදුකරනු ඇති බව ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ ය.

ReeCha