අද පෙරවරු 8 සිට ආරම්භයි - රටපුරා ක්‍රියාත්මකයි

Report

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ අද (26) පෙරවරු 8.00 සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බවයි. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග 05ක් ඔස්සේ වර්ජනය ක්‍රියාත්මක කරන බවය.

නාලන්දා විද්‍යාලයේ අසභය වීඩියෝ ගැන රජය කට අරි - අමාත්‍ය නලින්ද ජයතිස්සගේ උත්තරේ මෙන්න

නාලන්දා විද්‍යාලයේ අසභය වීඩියෝ ගැන රජය කට අරි - අමාත්‍ය නලින්ද ජයතිස්සගේ උත්තරේ මෙන්න

ඒ අනුව,

01.සායන හා බාහිර රෝගී ප්‍රතිකාර ඒකක තුළ නොමැති ඖෂධ පිටත ඔසුසැල්වලින් මිලදී ගැනීමට තුන්ඩු නිකුත් නොකිරීම

02. රෝහල් පද්ධතිය තුළ නැති රසායනාගාර පරීක්ෂණ, පිටත රසායනාගාරවලින් හා පිටත පෞද්ගලික රෝහල්වලින් සිදු කර ගැනීමට තුණ්ඩු නැත්නම් නිර්දේශ නිකුත් නොකිරීම.

03. දැනට අනුමත වෛද්‍යවරු සංඛ්‍යාව සැපයීමට නොහැකි නම් සහ අනුමත වෛද්‍යවරු සංඛ්‍යාවක් අනුමත කරගෙන නොමැති නම් රෝහල් පද්ධතිය තුළ නව ඒකක ආරම්භ කිරීමට අවස්ථාව ලබා නොදීම.

04. සමහර අවස්ථාවන්වල දේශපාලනික වුවමනාවට හා දේශපාලනික අවශ්‍යතාවයන් මත පවත්වන යම් යම් සායන සහ සෞඛ්‍ය කඳවුරුවලට සහයෝගය නොදැක්වීම.

05. යම් රෝහලක, සායනයක සහ බාහිර ප්‍රතිකාර ඒකකවල රෝගියා පරීක්ෂා කිරීමේදී වෛද්‍යවරයාට සහයට, සහයක නිලධාරියෙක් ලබා නොදෙන්නේ නම් වෛද්‍යවරු ඒ ස්ථානවල රාජකාරීවලින් ඉවත් වීම.

ගුරුවරුන්ට අලුත් නීති - රජයෙන් අලුත් සැලැස්මක්?

ගුරුවරුන්ට අලුත් නීති - රජයෙන් අලුත් සැලැස්මක්?

යන ක්‍රියාමාර්ග 05ක් යටතේ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සිදු කිරීමට නියමිතය. එහිදී අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ''අපි හෙට සිට ආරම්භ කරන මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පහ වැඩ නොකර ඉන්න නෙමෙයි. හෙට සිට අපි වැඩ කරනවා හැබැයි වැඩ කරන්න පුළුවන් වටාපිටාව ඇතුළේ.. ඔබ අවශ්‍ය පහසුකම් ටික දුන් නැත්නම් මතක තියාගන්න ඔබ නිසයි මේ නිදහස් සෞඛ්‍ය සේවාව බිඳ වැටෙන්නේ.. එහෙනම් ඒකෙ වගකීම ගන්න සෞඛ්‍ය අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යවරයා සහ රජය හෙට සිට සූදානම් විය යුතුයි. ඒ වාගේම අපි මධ්‍යම කාරක සභාවක් කැඳවනවා ජනවාරි මාසේ 28වන බදාදා. මෙන්න මේ මධ්‍යම කාරක සභාවේදී, මෙතනින් එහා ගිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළඹෙන්න අපි අවශ්‍ය තීන්දු තීරණ ගන්නවා.. ඒ නිසා, මේ අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දිනෙන් දින, දිනෙන් දින වැඩි වෙන එක වෙන්නේ.මතක තියාගන්න මෙතනින් එහාට මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග නිසා යම් තැනක සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටෙනවා නම්, යම් තැනක රෝගී සත්කාර සේවාවන් බිඳ වැටෙනවා නම් ඒකේ සම්පූර්ණ වගකීම මේ සෞඛ්‍ය අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යවරයා සහ රජය ගන්න ඕන.''

නාමල් හා ශිරන්ති CIDයට - නිකුත් වූ සිතාසි - හේතුව මෙන්න

නාමල් හා ශිරන්ති CIDයට - නිකුත් වූ සිතාසි - හේතුව මෙන්න

සාමාන්‍ය පෙළ හා රාමසාන් හේතුවෙන් යලි පාසල් වැසෙයි

සාමාන්‍ය පෙළ හා රාමසාන් හේතුවෙන් යලි පාසල් වැසෙයි