අල - ලූනු ප්‍රශ්නයට රජයේ විසඳුම මෙන්න

Report

ලබන වසරේ (2026) සිට අල සහ ලූනු කිසිදු අඩුවක් නැතිව මිලදී ගැනීමට සමූපකාර තොග වෙළඳ සංස්ථාව හරහා රජය සැලසුම් කර ඇති බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ අද (10) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඒ සඳහා රුපියල් කෝටි 100ක අයවැය වෙන්කිරීමක් සිදුකර ඇති බවත්, මෙම වැඩපිළිවෙල ආරම්භ වූ පසු ගොවීන්ට ආපසු හැරී යාමට අවශ්‍යතාවක් ඇති නොවන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

දිල්ලි කාර් පිපිරීමෙන් මෝදි කම්පනයට

දිල්ලි කාර් පිපිරීමෙන් මෝදි කම්පනයට

අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේදී ඔහු මෙසේද කීය:

“අල-ලූනු ගොවීන් මුහුණ දෙන ප්‍රශ්න අපි පිළිගන්නවා. ඒ ගැටළුවට කඩිනම් විසඳුම් ලබාදෙනවා. සමූපකාර තොග වෙළඳ සංස්ථාව ඒ සියලු ප්‍රශ්නවලට ස්ථිර විසඳුමක් ලෙස ස්ථාපිත කර තිබෙනවා.”

මෙම සංස්ථාව තුළින් ගොවි ආදායම ස්ථායීකරණය, මිල අඩුවීම් වැළැක්වීම සහ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම අරමුණු වේ.

ඉඩමක් තියෙනවනම් සල්ලි තමයි - රජයෙන්ම සල්ලි ඔන්න

ඉඩමක් තියෙනවනම් සල්ලි තමයි - රජයෙන්ම සල්ලි ඔන්න