හිටපු ජනපති ගෝඨාභය සම්බන්ධයෙන් පොලීසියට විශේෂ නියෝගයක්..
අද දින අධිකරනයෙන් පොලීසිය වෙත හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් නියෝගයක් සිදුකර තිබේ.එනම් අරගලකරුවන් විසින් ජනපති මන්දිරයේ තිබී සොයාගත් රුපියල් එක්කෝටි 78 ලක්ෂයක මුදල සම්බන්ධයෙන් විමර්ශන වලට අදාලවයි එම නියෝගය සිදු කර තිබෙන්නේ .
හිටපු ජනාධිපතිවරයාගේ නිදන කාමරයේ තිබී හමුවූ එම මුදල්, අල්ලසක් හෝ වෙනත් කාරණයක් සඳහා ලැබුණේ ද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ලෙස ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්න මහතා සිදුකළ ඉල්ලීම සලකාබැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබාදී තිබේ.
එහිදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මිරිහානේ පිහිටි නිවසේ නොමැති බවට පොලීසිය සිදුකළ කරුණු දැක්වීම සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරයා ඔහු සිටින නිවසට ගොස් අදාළ ප්‍රකාශයක් ලබාගන්නා ලෙස පොලීසියට නියෝග කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |