ජනපති පිළිබඳව ගුවන් හමුදාපතිගෙන් විශේෂ නිවේදනයක් ..
Gotabaya Rajapaksa
Sri Lanka
Sri Lanka NGO
Gota Go Gama
By Sithumi
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතාට අයත් පෞද්ගලික නිවස රැඳී සිටින බවට ශ්‍රි ලංකා පොලිසිය දේශපාලනීයකරණයෙන් මුදා ගැනීමේ ජාත්‍යන්තර සංවිධානයේ සභාපතිවරයා කියා ගන්නා හිටපු පොලිස් නිලධාරියකු සමාජ මාධ්‍ය වෙත මුදා හැර ඇති හඬපටයේ කිසිදු සත්‍යතාවක් නොමැති බව ගුවන් හමුදාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මෙය ගුවන් හමුදාවේ සහ ගුවන් හමුදාපතිවරයාගේ කීර්ති නාමයට හානි කිරීම සඳහාත්, ජනතාවට ගුවන් හමුදාව කෙරෙහි වෛරයක්, ක්‍රෝධයක් පැතිරවීමේ පටු අවස්ථාවාදී අරමුණ සක්ෂාත් කර ගැනීම සදහා පලකරන ලද ප්‍රවෘත්තියක් බවට ගුවන් හමුදාව පවසයි
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න |