හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ ඝාතන සැලැස්මක් ගැන හෙළිදරව්වක්.(VIDEO)

Report

ගාළු මුවදොර අරගලයේ අවසන් අදියරේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජීවිතය බේරා දුන්නේ පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් බව අරගලයේ ක්‍රියාකාරිකයකු වූ ෂෙහාන් මාලක මහතා පවසනවා.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාර මහතා විසින් අඬා වැළපෙමින් දුරකථනයෙන් අමතා තම නායකයා බේරාදෙන්නැයි ඕමල්පේ සෝභිත හිමියන්ට පැවසූ බවයි, අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කර තිබෙන්නේ.

මෙරට සුප්‍රසිද්ධ රියැලිටි ගායකයෙක් ජේතවනාරාමයේ කරන්න ගිය වැඩක් මාට්ටුවෙයි..

මෙරට සුප්‍රසිද්ධ රියැලිටි ගායකයෙක් ජේතවනාරාමයේ කරන්න ගිය වැඩක් මාට්ටුවෙයි..


ඒ අනුව ෂෙහාන් මාලක මහතා පවසන්නේ, ගෝඨාභය රාජපක්ෂ මහතාට ගුවන් තොටුපලෙන් පිටව යාමට ලිපි ලේඛන කටයුතු සිදුකර ගැනීමට සෝභිත හිමියන් මැදිහත් වූ බවයි.

එදා කුක්කන්සේ මර බියේ පලා ගොස් අද ඇතැම් පිරිස් පරස්පර විරෝධී ප්‍රකාශ සිදු කරමින් සිටින බව පවසන ෂෙහාන් මාලක මහතා සිදුවන්නට ගිය මහා ලේ වැගිරීම් ගණනාවක් නතර කර ගැනීමට තමන් ඇතුළු අරගලයේ සිටි ක්‍රියාකාරීන් කිහිපදෙනෙකුට හැකි වූ බවයි, එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

මීට අදාල වීඩියෝවක් පහතින් නරඹන්න.