ජනපති අද අලුයම සිදු කළ දේ..නව අගමැති කවුරු වෙයි ද?(PHOTOS)
ජනාධිපතිවරයා සහ සර්ව ආගමික නායකයින් පිරිසක් අතර අද අලුයම විශේෂ රැස්වීමක් පවත්වා තිබෙනවා.
මෙහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ, අද පෙරවරුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් පවතින තත්ත්වය සම්බන්ධයෙන් පැවැත්වෙන බවයි.
මෙහිදී ආගමික නායකයින් යෝජනා කීපයක් ද ඉදිරිපත් කර ඇත.
නිර්පාක්ෂික අගමැතිවරයකු පත් කිරීම 15කින් යුත් සීමිත අමාත්‍ය මණ්ඩලයක් සිවිල් ජනතාව ගෙන් සැදුම්ලත් උපදේශක සභාවක් පිහිටුවීම.
අදල යෝජනා අද පක්ෂ නායක රැස්වීමට යොමුකර කඩිනමින් විසඳන බව ජනාධිපතිවරයා පවසා ඇත.
එහි ඡායාරූප පහතින් බලන්න.
මේ අනුව නව අග්‍රාමාත්‍යවරයා කවුරුන් පත්වෙයිද යන්න පිළිබඳව රටේ ජනතාව දැඩි විමසිල්ලෙන් සිටී.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |


