මැයි 09ය සිද්ධියට තවත් පිරිසක් අත්අඩංගුවට..
By krishani
මැයි මස 9 වනදා කොල්ලුපිටිය සහ ගාලුමුවදොර ප්‍රදේශවල පැවති ප්‍රචණ්ඩකාරී සහ කලහකාරී සිදුවීම්වලට අදාළව තවත් සැකකරුවන් 5 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන පරීක්ෂණවලට අනුව වන අතර මෙම පිරිස ඊයේ (21) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ.
එම සැකකරුවන් අතර මොරටුව නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක්, මොරටුව නගරාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයෙක්, මොරටුව නගර සභාවේ ආරක්ෂක නියාමකවරයෙක්, මොරටුව නගර සභාවේ සෞඛ්‍ය කම්කරුවෙක් මෙන්ම එම නගර සභාවේ කම්කරුවෙක් ද වේ.
සැකකරුවන් අද (22) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත වන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ සිදුකරනු ලබයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |