Google ගිණුම් අත්හිටුවන්නට Google සමාගම තීරණය කරයි.
By Madheeha_Naz
වසර දෙකක් මුළුල්ලේ භාවිත නොකළ google ගිණුම් අත්හිටුවීමට google සමාගම තීරණය කර තිබෙනවා.
අන්තර්ජාලය හරහා සිදුවන අනවසර ඇතුළුවීම් සහ ආරක්ෂක තර්ජන වැලැක්වීමේ උත්සහයක් ලෙස ගූගල් සමාගම මෙසේ ක්‍රියාත්මක වන බව ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා.
එමෙන්ම දෙසැම්බර් මාසයේ සිට වසර දෙකක් භාවිත නොකළ ගිණුම් මකා දමන බව ඔවුන් පවසා තිබෙනවා.
එසේම Google ගිණුමක් අවම වශයෙන් වසර දෙකක්වත් භාවිතා නොකළහොත් හෝ පුරනය වී නොමැති නම් එය Google ට අනුව Gmail, Docs, Drive, Meet සහ Calendar හරහා මෙන්ම YouTube සහ Google Workspace හරහා ගිණුම සහ අන්තර්ගතය මකා දැමිය හැකි බව ද ඔවුන් දන්වා තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |