Google දැඩි තීරණයක් ගනී - භාවිතා නොකළොත් සේවාවන් රැසක් අක්‍රිය වෙයි.. අදම මේ දේ කරන්න..

Google Youtube Google Alerts
By krishani May 19, 2023 10:55 PM GMT
krishani

krishani

Report

වසර දෙකකට වැඩි කාලයක් භාවිතා නොකර අක්‍රියව ඇති Google ගිණුම් ඉවත් කිරීමට ගූගල් සමාගම තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ අනුව එම සමාගම තීරණය කර ඇත්තේ, අක්‍රිය කිරීමේ ප්‍රතිපත්ති මාලාව යාවත්කාලීන කිරීමටයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් එම සමාගම කියා සිටියේ, මෙය මැයි 16 වැනි දා සිට බලපැවැත්වෙන බවත් දෙසැම්බර් මාසයේ සිට අක්‍රිය ගිණුම් ඉවත් කිරීමට කටයුතු ආරම්භ කරන බවත් ය.

ඉන් අනතුරුව එම ගිණුමට සම්බන්ධ Gmail, Docs, Drive, Meet, Calendar, ‍YouTube සහ Google Photos වැනි සේවාවන් ද අක්‍රිය වන අතර එම ගිණුම් මකා දැමීමට පෙර දැනුම්වත් කිරීම් කිහිපයක් ද එම ආයතනය විසින් සිදු කරනු ලබයි.

මේ අතර, ඒ සඳහා ද නිසි පරිදි ප්‍රතිචාර දැක්වීමක් සිදු නොකළහොත් ගිණුම මකා දැමෙනු ඇත.

කෙසේවෙතත්, වසර දෙකක් අක්‍රියව පැවති ගූගල් ගිණුමට එක් වරක් 'Sign-In' වීමෙන් එම ගිණුම ඉවත් කිරීම වැළැක්වීමට පුලුවන.

මීට අමතරව Google Account එකේ සක්‍රීය භාවය පවත්වා ගැනීමට පහත දේවල් සිදුකල හැකිය.ඒ,

- ඊ මේල් යැවීම / කියවීම.

- Google Drive භාවිතය.

- YouTube භාවිතය.

- Google Play Store භාවිතය.

- Google Search භාවිතය.

- තෙවන පාර්ශවිය App හෝ Service භාවිතය.

යනාදියයි.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join