අස්වැසුම යටතේ පවුල් ලක්ෂ 12කට සුභ ආරංචියක්
ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර යටතේ අස්වැසුම ප්‍රතිලාභ ලබන දුප්පත් සහ අන්ත දුප්පත් පවුල් ලක්ෂ 12ක් සවිබලගැන්වීම සඳහා නියමු ව්‍යාපෘති දෙකක් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇති බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය නිවේදනය කරයි.
මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලබන්නේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් වන අතර, තෝරාගත් පවුල් සඳහා ඔවුන්ගේ ව්‍යාපාර හෝ රැකියා මත පදනම්ව ගිවිසුම්ගතව රුපියල් ලක්ෂ එක සිට ලක්ෂ 1.5 දක්වා මූල්‍යාධාර ලබාදෙනු ඇත.
වැඩසටහන 2025 සිට 2027 දක්වා ක්‍රියාත්මක වෙමින් දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 143ක් සහ ග්‍රාමසේවා වසම් 839ක් ආවරණය කරමින් ප්‍රතිලාභී පවුල් 23,775කට මූල්‍යාධාර ලබාදීමට නියමිතය.
ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් ආරම්භ කර ඇත.
අස්වැසුම සමාජ ආරක්ෂණ වැඩසටහන (Aswesuma Social Safety Net Program) යනු දුප්පත් සහ අන්ත දුප්පත් පවුල් සවිබලගැන්වීම සඳහා රජය විසින් 2023 මාර්තු මාසයේදී ආරම්භ කළ ජාතික මට්ටමේ සුභසාධන වැඩසටහනකි. මෙය පැරණි සමෘද්ධි වැඩසටහනේ ආදේශකයක් ලෙස ක්‍රියාත්මක වෙමින්, ලෝක බැංකුවේ ඩොලර් මිලියන 500ක ආධාර යටතේ ක්‍රියාත්මක වේ.