ශාරුක් ගේ රසිකයන්ට සුභ ආරංචියක්.

By Madheeha_Naz May 15, 2023 11:44 AM GMT
Report

ඉන්දියානු සිනමාව තුල ඇති සුවිශේෂී ක්ෂේත්‍රයක් තමයි බොලිවූඩ් කියන්නේ ,ඉතින් මේ බොලිවූඩ් වල නිර්මාණය වෙන ෆිල්ම්ස් හරි සුවිශේෂයි .ඒවගේ නිර්මාණය වුණු ෆිල්ම් එකක් තමයි "DON" කියන්නේ.

මේ ෆිල්ම් එකේ බොලිවූඩ් රජු ශාරුක් ඛාන් වගේම ප්‍රියංකා චෝප්‍රා ඇතුළු නළු නිලියන් රාශියක් රංගනයෙන් දායක වෙලා තිබ්බා. ඒවගේම තමයි "DON" ෆිල්ම් එකට ප්‍රේක්ෂකයන්ගේ ඉහළ ප්‍රතිචාරයක් ලැබුණා .

දැන් "DON" ෆිල්ම් රසිකයන්ට සතුටු හිතෙන විදිහට DON ෆිල්ම් එක ගැන අලුත් update එකක් ලැබිලා තියෙනවා.

ඒ තමයි හැමෝම බලාගෙන හිටපු DON ෆිල්ම් එකේ තුන්වන අදියර දැන් පටන් අරගෙන තියෙනවා කියලයි. මේ ෆිල්ම් එකේ තුන්වන අදියරේ තිර රචනය ලියන්නේ බොලිවූඩ් නළුවෙකු වගේම තිර රචකයෙකු වන ෆර්හාන් අක්තාර් කියලයි "DON" ෆිල්ම් නිෂ්පාදක රිටේශ් සිධ්වානි කියලා තිබුණේ .

DON ෆිල්ම් එක ෆර්හාන් අක්තාර් විසින් අධ්‍යක්ෂණය කරන අතර බොලිවූඩ් නළු ශාරුක් ඛාන් තුන්වන අදියරයේත් ප්‍රධාන නළුවා විදිහට රංගනයෙන් දායක වෙන්න ඉන්නවා කියලයි "DON" ෆිල්ම් කණ්ඩායම කියලා තියෙන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW