රතු ළූණු ගොවීන්ට සුබ පණිවිඩයක්. - රජයෙන් නොමිලේ ලබාදෙන්න යන දේ මෙන්න.

Report

මෙරට රතු ළූණු වගාව සඳහා නොමිලයේ රක්ෂණාවරණයක් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ, අනුව වී, මිරිස්, ලොකුළූණු, අර්තාපල්, බඩඉරිඟු හා සෝයා යන බෝග වර්ග 06ක් සඳහා ඇනට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් නොමිලයේ කෘෂි රක්ෂණ ආවරණයක් ලබා දී ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.

මෙම තීරණය ගෙන ඇත්තේ,වන අලින්ගෙන් සිදුවන වගා හානි හා නියඟය සහ අධික වැස්ස හේතුවෙන් ඇතිවන වගා හානි සඳහායි.

මේ අනුව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට උපදෙස් දී ඇත්තේ, රතු ළූණු වගාවේදී ඉහත කී කරුණු අනුව වගා හානි සිදු වන්නේ නම් එම ගොවීන්ට ද නොමිලයේ වන්දි මුදලක් ලබා දීම සඳහා වගා රක්ෂණ බෝග අතරට රතු ළූණු වගාව ද එකතු කරන ලෙසයි.