IMF තුන්වන වාරිකය ගැන රජයෙන් සුබ ආරංචියක්
මාර්තු මාසයේ 07 වනදා සිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් IMF 3 වන වාරිකයට අදාළ දෙවන සමාලෝචනය ආරම්භ කරනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ, ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එහිදී IMF නියෝජිතයින් සති දෙකකට ආසන්න කාලයක් දෙවන සමාලෝචනය සිදුකරනු ඇතැයි විශ්වාස කරන බවයි සඳහන් කරන්නේ.
අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, එහිදී දෙසැම්බර් මස 31 වනදා දක්වා රජයේ මූල්‍ය තත්ත්වය සහ අනෙකුත් එකඟතා සම්පූර්ණ කිරීම පිළිබඳව සමාලෝචනය කරනු ඇති බවයි.
එමෙන්ම දෙවන සමාලෝචනය අවසන්වීමෙන් පසුවන කාර්යමණ්ඩල එකඟතාවයට පැමිණි පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වන වාරිකය හිමිවනු ඇති බවට විශ්වාසය පළකරන බවත් ඔහු සඳහන් කරනවා.