ඥානසාර හිමිට නිදහස දෙන්නැයි ඉල්ලා ඇරඹි මහා පාද යාත්‍රාව අද තුන්වන දිනයටත් ගමන් අරඹයි - අත්සන් ලක්ෂ 50ක් ගන්න යයි

Report

සිරදඬුවම් නියම වී සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමිට නිදහස ලබාදෙන මෙන් ඉල්ලා ආරම්භ කළ "නිදහසේ පාද යාත්‍රාව" අද (12) දින තෙවන දිනට කෑගල්ලෙන් ගමන් ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව දෙවන දිනට කඩුගන්නාව නගරයෙන් ඊයේ(10) ආරම්භ කළ පාගමන කෑගල්ල දක්වා පැමිණි අතර, අද එතැන් සිට වරකාපොළ දක්වා ගමන් කරනු ඇති බව සඳහන්.

මේ වන විට සිරදඬුවම් නියම වී සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලමින් සහ උන්වහන්සේට ගිහි ඇඳුම ඇන්දවීමට විරෝධය පළ කරමින් මහා සංඝරත්නය පෙරේදා දින පා ගමනක් ආරම්භ කළා.

සුළු මොහොතකට පෙර ලංකාවටම නිවේදනයක් - අද මේ තැන්වලට මි.මී. 75 ට වැඩි ගිගුරුම් සහිත වැසි

සුළු මොහොතකට පෙර ලංකාවටම නිවේදනයක් - අද මේ තැන්වලට මි.මී. 75 ට වැඩි ගිගුරුම් සහිත වැසි

එසේම ඥානසාර හිමිට නිදහස ලබාදෙන ලෙස ඉල්ලා කොළඹ, පානදුර, හොරණ, පිටිගල, කැකිරාව, කළුතර සහ ගාල්ල ඇතුලු දිවයිනේ ප්‍රදේශ රැසක අත්සන් ලබා ගැනීමේ වැඩසටහන් සහ පාගමන් ක්‍රියාත්මක කර ඇත.

ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට විරෝධය පළ කරමින් නිහඬ පා ගමන උන්වහන්සේගේ උපන්ගම වන කරන්දෙණිය ප්‍රදේශයේදී සංවිධාන කර තිබූ අතර, එහිදී ඥානසාර හිමිගේ මව ද ඊට එක්ව සිටි බව සඳහන්.

එසේම සිරදඬුවම් නියමව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට නිදහස ලබා දෙන ලෙස ඉල්ලා "ශ්‍රී ලාංකික යුතුකම ඉටු කරමු" තේමාවෙන් අත්සන් ලක්ෂ 50ක් ලබා ගැනීමේ වැඩසටහන ද තවදුරටත් ක්‍රියාත්මක බව වාර්තා වේ.

අධ්‍යාපන ක්ෂේත්‍රයම උඩුයටිකුරු කරමින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රැසක් - නොවැම්බර්වල 1 සිට 11 ශ්‍රේණි දක්වා මාර්ගෝපදේශ මාලාවක්

අධ්‍යාපන ක්ෂේත්‍රයම උඩුයටිකුරු කරමින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රැසක් - නොවැම්බර්වල 1 සිට 11 ශ්‍රේණි දක්වා මාර්ගෝපදේශ මාලාවක්

නව ආදායම් මාර්ග පෑදෙන අද දිනය මේ ලග්න හිමියන්ට සුවිශේෂී ලාභාංශ එක්ක ණය බරින් නිදහස් වීමට හැකි වේ

නව ආදායම් මාර්ග පෑදෙන අද දිනය මේ ලග්න හිමියන්ට සුවිශේෂී ලාභාංශ එක්ක ණය බරින් නිදහස් වීමට හැකි වේ