හදිසියේම වෛද්‍ය සංගමය රැස්වේ
අද (07) දින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හදිසි විධායක කමිටු රැස්වීමක් සූදානම් කර තිබේ.
අම්පාර දිස්ත්‍රික්කයේ වෛද්‍ය ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව පිළිබඳව සාකච්ඡා කිරීම මෙහි අරමුණ බව සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසූරිය මහතා පැවසුවේය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අම්පාර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය පරිපාලනය විසින් අත්තනෝමතික ලෙස වෛද්‍ය මාරුවීම් සිදුකිරීමට විරෝධය පළකරමින් අම්පාර දිස්ත්‍රික්කය තුල වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇත.
වැඩිදුරටත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසූරිය මහතා පැවසුවේ මෙතෙක් අදාළ ගැටලුව සඳහා රජයේ අවධානය යොමුවී නොමැති බැවින් සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අද දිනයේ තීරණය කරන බවයි.