ඇමති නලින්දගේ සැර ප්‍රකාශය එක්ක GMOA වර්ජනය හෙට අවසන්
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් ආරම්භ කළ පැය 48ක සංකේත වැඩ වර්ජනය හෙට (11) උදෑසන අවසන් කරන බව එම සංගමය ප්‍රකාශ කරයි.
ස්ථාන මාරුවීම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම වර්ජනය දියත් කර තිබූ අතර, එය අවසන් වීමෙන් අනතුරුව ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳව පසුව දැනුම් දෙන බවද සඳහන් වේ.
මෙම වර්ජනය හේතුවෙන් දිවයින පුරා රජයේ රෝහල්වල ප්‍රතිකාර කටයුතු දැඩි ලෙස බාධා වූ බව වාර්තා වේ.