මොකක්ද මේ Google කීවැයි කියන ලෝකයම කැළඹුණ කාරණය?. සමාගමෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.. (PHOTO)
By krishani
Google සමාගම විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ Gmail සේවාව නවතා දමන බවට පළ වූ පුවතක් සම්බන්ධයෙන් ය.
Google සමාගම විසින් 2024 අගොස්තු 1වන දින සිට Gmail සේවාව නැවැත්වීමට කටයුතු කරන බවට පසුගිය කාලයේ තොරතුරු වාර්තා විය.
මේ බව එම සමාගම විසින් Email පණිවිඩයක් හරහා දැනුම් දී ඇති බවට එයට අදාළ Screenshots සමාජ මාධ්‍ය හරහා විශාල වශයෙන් සංසරණය විය.
එය අසත්‍ය තොරතුරක් වන බව Google සමාගම විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර කරමින් සඳහන් කර තිබෙනවා.
කෙසේ වෙතත්, ඒ බව Google සමාගම ''Gmail is here to stay'' ලෙස සිය නිල 'X' ගිණුමෙහි සටහනක් ද තබා ඇත.
