ලංකාවම බලශක්ති අවදානමක - ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ලෝකයෙන් අනතුරු ඇඟවීමක්
ඕස්ට්‍රේලියාව පදනම් කරගත් 'ආර්ථික විද්‍යාව සහ සාමය පිළිබඳ ආයතනය' (IEP) විසින් නිල වශයෙන් නිකුත් කරන ලද 2026 ගෝලීය සාම දර්ශක (Global Peace Index - GPI) වාර්තාව මගින්, වත්මන් ලෝකයේ සාමකාමීත්වයට සහ ආර්ථික ස්ථාවරත්වයට බලපාන ප්‍රධානතම සාධකයක් ලෙස 'බලශක්ති සාධකය' හඳුනාගෙන තිබේ.
වත්මන් භූ-දේශපාලනික බිඳවැටීම් සහ මැදපෙරදිග පවතින යුධමය තත්ත්වය ගෝලීය බොරතෙල් සහ LNG මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ නැංවීමට හේතු වී තිබේ.
මෙමඟින් ලෝක බලශක්ති සැපයුම් ජාලයන් සීමා වන අතර, රටවල් අතර උපායමාර්ගික බලශක්ති තරඟකාරිත්වයක් සහ දේශපාලන අස්ථාවරත්වයක් නිර්මාණය කිරීමට එය සෘජුවම දායක වී ඇතැයි වාර්තාව පෙන්වා දෙයි.
මෙවර ගෝලීය සාම දර්ශකයේ දේශීය ආරක්ෂාව අතින් ශ්‍රී ලංකාව 67 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඉහළ ප්‍රගතියක් පෙන්වා තිබුණද, බලශක්ති අර්බුදය හමුවේ ලංකාව 'අධි අවදානම්, බලශක්ති ආනයනය මත යැපෙන ආර්ථිකයක්' (High-risk, energy-import-dependent economy) ලෙස වර්ගීකරණය කර තිබේ.
මැදපෙරදිග පවතින දිගුකාලීන යුධමය වාතාවරණයෙන් මෙරට මූල්‍ය පැවැත්මට එල්ල වන තර්ජනය අතිශය බරපතල බව IEP ආයතනය අනතුරු අඟවයි. ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික ව්‍යූහයේ දුර්වලතාවය හේතුවෙන් ලෝක බලශක්ති කම්පන හමුවේ රට පහසුවෙන්ම කඩා වැටීමේ අවදානමක් පවතින අතරම මෙරට සමස්ත බලශක්ති අවශ්‍යතාවයෙන් 60%ම සපුරා ගනු ලබන්නේ විදේශයන්ගෙන් ආනයනය කරන ඉන්ධන මඟින්ය.
ගෝලීය වශයෙන් ඉන්ධන මිල ඉහළ යාම නිසා ඇතිවන දැවැන්ත මූල්‍ය පීඩනය හේතුවෙන්, 2022 ආර්ථික අර්බුදයෙන් පසු ශ්‍රී ලංකාව ලබාගත් සාපේක්ෂ ආර්ථික ස්ථාවරත්වය, ණය ප්‍රතිව්‍යුහගතකරණයේ ජයග්‍රහණ සහ උද්ධමනය පාලනය කරගැනීමේ ප්‍රගතිය සම්පූර්ණයෙන්ම ආපස්සට හැරවීමේ තර්ජනයක් පවතින බව 2026 ගෝලීය සාම දර්ශක වාර්තාව අවධාරණය කරයි.
වෘත්තිකයින් රැසක් විශ්‍රාම වයස ඉහළ දාන්න ඉල්ලුම් කරලයි තියෙන්නේ - හැබැයි රජයක් විදිහට අපේ තීරණේ මේකයි - විශ්‍රාම වයස ගැන පාර්ලිමේන්තුවේදී පැහැදිලි කිරීමක්
එසේම නවතම වාර්තාවට අනුව, කෘතිම බුද්ධියේ (AI) ශීඝ්‍ර වර්ධනය ගෝලීය බලශක්ති පද්ධතීන් දැඩි ලෙස වෙනස් කරමින් පවතින අතර, මැදපෙරදිග පවතින දරුණු යුධමය වාතාවරණය හේතුවෙන් ශ්‍රී ලංකාව වැනි ඉන්ධන ආනයනය මත දැඩිව යැපෙන රටවල් නැවත වරක් දැවැන්ත මූල්‍ය අවදානමකට මුහුණ පා සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. මෙවර GPI වාර්තාවේ කැපී පෙනෙන සොයාගැනීමක් වන්නේ කෘතිම බුද්ධියේ (AI) භෞතික ව්‍යාප්තිය ගෝලීය බලශක්ති පද්ධතීන් සම්පූර්ණයෙන්ම උඩුයටිකුරු කරමින් පැවතීමයි.
වාර්තාවට අනුව, AI තාක්ෂණය සහ ඒ ආශ්‍රිත යටිතල පහසුකම් සඳහා භාවිත වන දත්ත මධ්‍යස්ථානවල (Data centres) විදුලි පරිභෝජනය 2030 වන විට ටෙරාවොට්-පැය (TWh) 945ක් දක්වා ඉහළ යනු ඇතැයි ගණන් බලා ඇති අතර, එය 2024 වසරට වඩා දෙගුණයක (100% ක) වර්ධනයක්ය. උදාහරණයක් ලෙස, අයර්ලන්තයේ (Ireland) පිහිටි දත්ත මධ්‍යස්ථාන පමණක් දැනටමත් එම රටේ සමස්ත ජාතික විදුලි පරිභෝජනයෙන් සියයට 22ක්ම (22%) වැය කරන බව වාර්තාව පෙන්වා දෙයි.