තෙල් මිල යලිත් ඉහළට - තෙල් බැරල් මිලියන 400ක් වෙළෙඳපොළට

Report

ලෝක තෙල් මිල නැවතත් ඩොලර් 100 ඉක්මවා ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මැදපෙරදිග කළාපයේ පවතින යුදමය තත්ත්වය ගෝලීය ඉන්ධන සැපයුමට එල්ල කර ඇති දැඩි බලපෑම මෙයට ප්‍රධාන හේතුව වී ඇත.

නමුත් ඇමරිකානු සහ ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාර හමුවේ වුවද තම හමුදා ශක්තිය නොබිඳුණු බව පසක් කරමින් ඉරානය පර්සියානු ගල්ෆ් කලාපයේ වෙළඳ නෞකා වෙත ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර තිබේ.

කලාපීය ආරක්ෂාව අස්ථාවර වීම හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 200 දක්වා ඉහළ යා හැකි බවට ඉරානය අනතුරු අඟවා ඇත.  

මීට අමතරව මැදපෙරදිග පවතින යුද්ධය හේතුවෙන් ගෝලීය තෙල් සැපයුමට එල්ල වී ඇති බාධා මර්දනය කිරීම සඳහා තෙල් බැරල් මිලියන 400ක් වෙළෙඳපොළට මුදා හැරීමට ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය (IEA)එකඟතාව පළ කර තිබේ.

මෙය එම සංවිධානයේ ඉතිහාසයේ සිදු කෙරෙන විශාලතම මැදිහත්වීම ලෙස වාර්තා වේ.  

බැංකු ළගින් ඈත් වෙන්න - තෙල් ලිටරයක්වත් දෙන්නේ නැහැ - දරුණු ප්‍රතිප්‍රහාරයක් සූදානම් - දැඩි අනතුරු ඇගවීමක්

බැංකු ළගින් ඈත් වෙන්න - තෙල් ලිටරයක්වත් දෙන්නේ නැහැ - දරුණු ප්‍රතිප්‍රහාරයක් සූදානම් - දැඩි අනතුරු ඇගවීමක්

යුද්දය අවසන් - ඉරානයෙන් කොන්දේසි තුනක් ඉදිරිපත් කරයි

යුද්දය අවසන් - ඉරානයෙන් කොන්දේසි තුනක් ඉදිරිපත් කරයි