යුද්ධේට තිත තියද්දි ලෝක වෙළෙඳපොළේ රන් මිල ගිනි ගණන් යයි - උඩුයටිකුරු වූ රන් මිලේ නවතම තත්ත්වය
එක්සත් ජනපදය සහ ඉරානය අතර යුද ගැටුම් තාවකාලිකව අත්හිටුවීමට දෙපාර්ශ්වයම පියවර ගැනීමත් සමඟ ලෝක වෙළඳපොළේ රන් මිල යළිත් ඉහළ යාමේ ප්‍රවණතාවක් පෙන්නුම් කර ඇත.
ඒ අනුව ලෝක වෙළෙඳපොළේ රන් මිල 1% කට වඩා වැඩි අගයකින් ඊයේ (27) දිනයේදී ඉහළ ගොස් ඇති බව වාර්තා විය.
එසේම ලෝක වෙළඳපොළේ රන් (Spot gold) අවුන්සයක මිල 1.3% කින් ඉහළ ගොස් ඩොලර් 4,103.59 ක් වශයෙන් සටහන්ව විය.
එමෙන්ම අමෙරිකාවේ රන් මිල ගණන් 0.9% කින් ඉහළ ගොස් ඩොලර් 4,106.00 ක් දක්වා අගයක ගත් අතර බොරතෙල් මිල පහත වැටීම සහ අමෙරිකානු ඩොලරයේ අගය 0.3% කින් පහත වැටීම හේතුවෙන් රත්රන් සඳහා ඇති ඉල්ලුම ද ඉහළ ගිය බව වෙළඳපොළ විශ්ලේෂකයෝ පෙන්වා දෙයි.
මේ අතර ආයෝජකයෝ අපේක්ෂා කරන්නේ අද (28) සහ හෙට (29) පැවැත්වීමට නියමිත අමෙරිකානු ෆෙඩරල් සංචිතයේ (Fed) හමුවේදී පොලී අනුපාත වෙනස් නොවී පවතිනු ඇති බවයි. මෙම තත්ත්වය හමුවේ රත්තරන් පමණක් නොව අනෙකුත් ලෝහවලද මිල ගණන් ඉහළ ගොස් ඇත.
ඒ රිදී මිල 2.7% කින් (අවුන්සයක ඩොලර් 59.74), ප්ලැටිනම් මිල 3.5% කින් (ඩොලර් 1,643.70) සහ පැලේඩියම් මිල 3.4% කින් (ඩොලර් 1,285.00).