දරුවන්ට සෙල්ලම් බඩු දීම දැඩි මාරාන්තික තත්ත්වයක්..මේ ගැන සියලු දෙමාපියන් දැනුවත් වන්න..

Sri Lanka Ministry of Health Sri Lanka National Health Service
By Aruna May 10, 2024 03:15 AM GMT
Aruna

Aruna

Report

වෙළෙඳපොළෙන් මිලදී ගන්නා බැටරියෙන් ක්‍රියාත්මක කරවන සෙල්ලම් බඩු දරුවන්ට අහිතකර බව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා විසින් විශේෂ හෙළිදරව්වක් සිදු කරනු ලබනවා.

එම වෛද්‍යවරයා පැවසුවේ, මෙම සෙල්ලම් බඩුවල ලිතියම්, සිල්වර් ඔක්සයිඩ් සහ ඇල්කලයින් වර්ගයේ බොත්තම් බැටරි ( Button batteries) ඇති බැවින් ඒවා දරුවන් ගිලින්න, කනේ හෝ නාසයේ දමා ගැනීමට හැකි බවයි.

වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා සඳහන් කර සිටියේ, දරුවන් විසින් මෙම බැටරි ගිල දැමුවහොත් එහි ඇති විද්‍යුත් රසායනික ක්‍රියාකාරීත්වය හරහා එය දරුවාට මාරාන්තික තත්ත්වයක් පවා උද්ගත විය හැකි බවයි.

වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසුවේ, ආහාර මාර්ගයේ මුල්ම කොටස (ගලනාලය) ස්වාභාවිකවම පටු නිසා මේවා ගිලුණු විට හානිය (සිදුරුවීම) උපරිමයෙන් සිදුවිය හැකි අතර ගිලුණු බැටරිය ආමාශය දක්වා ගමන්කොට අධික හානියක් සිදුවිය හැකි බවයි.

එමෙන්ම මේ හරහා ආමාශයට පවා මාරාන්තික හානි සිදුවිය හැකි අතර ස්වසන මාර්ගයේ සිරවීමෙන් ජීවිත හානි පවා සිදු වීමට හැකි බවද ඒ මහතා අවධාරණය කළේ ය.

මෙවැනි අනතුරකට කුඩා දරුවකු ලක් වූ වහාම දරුවා රෝහලකට ගෙන ආ යුතු බවත්, ඒ වන තෙක් ප්‍රථමාධාරය වශයෙන් පිරිසිදු මී පැණි තේ හැදි 2ක බැගින් සෑම විනාඩි 10කට වරක් දරුවාට ලබා දිය යුතු බවයි, වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසුවේ.