රාජ්‍ය සේවක අනිවාර්යය වැටුප් වැඩිවීමක්?. ඒත් එක්කම පොලීසියෙන් බරටම තෑගී..

Report

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

රාජ්‍ය සේවක අනිවාර්යය වැටුප් වැඩිවීමක්?. ඒත් එක්කම පොලීසියෙන් බරටම තෑගී.. | Gifts From Police To Citizens

ඒ මත්ද්‍රව්‍ය උවදුර සහ පාතාලය මේ වසර අවසන් වනවිට මෙරටින් තුරන් කරන බවයි.

එමෙන්ම, යුක්තිය මෙහෙයුම ලබන මස සිට වෙනස් ආකාරයකින් සිදුකරන බව විෂය භාර අමාත්‍ය ටිරාන් අලස් මහතා සඳහන් කළේ ය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක් වූ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා,

"ලබන වසරේ පොලිස් නිලධාරීන්ගේ වැටුප් අනිවාර්යයෙන් වැඩි කරනවා. එවිට ඔබේ වැටුප හමුදාවේ වැටුපට සමාන වැටුපක් වෙයි. මට ඕනේ හරියට වැඩේ කෙරෙන්න. හොරකම් නොකරන්න."

අද (12) දින මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැති උත්සවයකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේ ය.

එමෙන්ම, සමාජයට සුවිශේෂී මෙහෙවරක් සිදුකළ පොලිස් නිලධාරීන් සහ සිවිල් පුරවැසියන් මෙන්ම පොලිස් නිල සුනඛයින්ද මෙහිදී ඇගයීමට ලක් විය.

එය මහජන ආරක්ෂක අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.

ඒ අනුව පොලිස් නිලධාරීන්ද ඇතුළු 237 දෙනෙකුට මෙහිදී පිරිනැමුණු මුදල රුපියල් දෙකෝටි 35 ලක්ෂයකට අධික විය.

වැලිඔය ප්‍රදේශයේ දී පුද්ගලයෙකු සිව් හැවිරිදි දැරියකට අමානුෂික ලෙස පහරදෙන වීඩියෝව සමාජ මාධ්‍ය වෙත මුදාහැරි තරුණයාට රුපියල් ලක්ෂ 05 ක ත්‍යාග මුදලක් එහිදී පිරිනැමුණේ ය.

තවද, පසුගිය මැයි මස 29 වනදා කැලණි ගඟේ සැඩ පහරකට හසුවී ගසාගෙන යමින් සිටි කාන්තාවක් නිරුපද්‍රිතව බේරාගැනීමට පියවර ගත් සිවිල් පුරවැසියෙක් වන සමන් අසිත සිගේරාට රුපියල් ලක්ෂයක ත්‍යාග මුදලක් පිරිනැමුණේ ය.

එම සිදුවීමට මැදිහත්වූ කඩුවෙල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඛාන් වීරසිංහ ඇතුළු නිලධාරීන්ට පොලිස්පති ප්‍රශංසා සහ ත්‍යාග ද පිරිනැමුවේ ය.

කෙසේ වෙතත්, විවිධ වැටලීම් වෙනුවෙන් පොලිස් නිල සුනඛයින් හැසිර වූ පොලිස් නිලධාරීන් වෙත ද ත්‍යාග පිරිනැමීම සිදු කළේ ය.