භූ කම්පන ගැන භූ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Earthquake Sinhala news
By Dilasha Apr 01, 2025 06:29 AM GMT
Dilasha

Dilasha

Report

මෑතකදී සිදු වූ භූ කම්පන වලින් මෙරටට ඍජු බලපෑමක් නැතත් භූ කම්පන සම්බන්ධයෙන් අවධානයෙන් පසුවිය යුතු බව භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය ප්‍රකාශ කරයි.

සමාත්‍රා දූපත් ආශ්‍රිතව භූ කම්පනයක් සිදු වුව හොත් එහි බලපෑම මත මෙරටට සුනාමි වැනි තත්වයක් ඇති විය හැකි බවත් ගෝලීයව සිදුවන භූ කම්පන තත්ත්වයන් පිළිබඳව ඔවුන් නිරීක්ෂණයෙන් සිටින බවද ඔවුන් පැවසීය.

යම් හෙයකින් මෙරට තුළ භූ කම්පනයක් සිදුවුවහොත් ඊට ප්‍රතිචාර දැක්වීම සඳහා පියවර ගෙන ඇති බවත් එම කාර්යංශය සඳහන් කළේය.  

පසුගියදා මියන්මාරයට රික්ටර් මාපකයේ ඒකක 7.7ක ප්‍රබලත්වයකින් භූ කම්පනයක් සිදුවූ අතර ඉන් එරටට දරුණු හානි ද වාර්තා වූ අතර භූ කම්පනයෙන් එරට සිදුවූ මරණ ගණන 2,000ද ඉක්මවා ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

මේ අතර ජපානයටද භූ කම්පන අවදානමක් පවතින බව එරට රජය වාර්තා කර දැනුම් දී තිබෙන අතර එම භූ කම්පනය රික්ටර් පරිමාණයේ ඒකක 8-9ත් අතර අගයක් ගත හැකි බවද එරට රජය දැනුම් දී ඇතැයිද ඉන් පුද්ගලයින් ලක්ෂ 3කට අධික සංඛ්‍යාවක් මිය යා හැකි බවද අනුමාන කර තිබේ.  

ReeCha