මොනරාගල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය.
2024 මහ මැතිවරණය - මොනරාගල දිස්ත්‍රික්කය
වැල්ලවාය ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය
මොනරාගල ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය
බිබිල ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය
මොනරාගල දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය.
මේ අතර, 2024 ජනාධිපතිවරණයේ මොනරාගල දිස්ත්‍රික් සමස්ත ඡන්ද ප්‍රතිපලය මත අනුර කුමාර දිසානායක මහතා ඡන්ද 140,269ක් ලබාගෙන එම දිස්ත්‍රික්කයේ ඉදිරියට පැමිණියේ ය.
එමෙන්ම, සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 134,238ක් ලබා ගනිමින් දෙවන ස්ථානයේ රැදිණ.
කෙසේ වෙතත්, රනිල් වික්‍රමසිංහ මහතාට ලබාගත හැකි වූයේ ඡන්ද 35,728ක් පමණී.
2020 මහ මැතිවරණය
2020 මහ මැතිවරණයේදී මොණරාගල දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මනාප 208,193ක් ලබා ගනිමින් ආසන පහක ජය හිමි කර ගැනීමට සමත් වුණා.එය ප්‍රතිශතයක් ලෙස 74.12%කි
මෙහිදී සමගි ජනන බලවේගය මනාප 54,147 ක් ලබා ගනිමින් ආසන එකක් හිමි කර ගැනීමට සමත් වූ අතර එය ප්‍රතිශතයක් ලෙස 19.28%කි.
2020 දී ජාතික ජන බලවේගයට ලබා ගැනීමට හැකි වූයේ මනාප 11,429ක් පමණී. එය ප්‍රතිශතයක් ලෙස 4.07%කී.
2015 මහ මැතිවරණය
2015 මහ මැතිවරණයේදී මොණරාගල දිස්ත්‍රික්කයෙන් මනාප 138,136ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා නිදහස් සන්ධානය ආසන තුනක් දිනා ගැනීමට සමත් වුණා.එය ප්‍රතිශතයක් ලෙස 52.53%කි.
මේ අතර මනාප 110,372ක් ලබා ගනිමින් එක්සත් ජාතික පක්ෂය ආසන දෙකක් දිනා ගැනීමට සමත් වුණා. එය ප්‍රතිශතයක් ලෙස 41.97%කි.
මෙහිදී ජනතා විමුක්ති පෙරමුණට හිමිකර ගැනීමට හැකි වුණේ මනාප 13,626ක් පමණ වන අතර එය ප්‍රතිශතයක් ලෙස 5.18%කි.