හෝටල්වල සංග්‍රහ කටයුතුත් බෑ.. මැතිවරණ කොමිසමෙන් තහංචි පනවයි..
Election Commission of Sri Lanka
Election
Parliament Election 2024
Sri Lanka Parliament Election 2024
Sri Lanka General Election 2024
By krishani
මැතිවරණ කොමිෂන් සභාව විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත් කර ඇති මෙහොතක අපේක්ෂකයන් විසින් ආධාරකරුවන්ට සහ හිතවතුන්ට සංග්‍රහ කටයුතු කිරීම මැතිවරණ නීතිරීති උල්ලංඝනය කිරීමක් බවයි.
ඒ හේතුවෙන් ඊට අදාළ පහසුකම් ලබාදෙන ස්ථාන සහ හෝටල් හිමිකරුවන්ට ද නීතිමය පියවර ගැනීමට මැතිවරණ පනත යටතේ හැකියාව පවතින බව එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක කියා සිටියේ ය.
පසුගිය දිනවල මහනුවර ඇතුළු ප්‍රද්ශ රැසකින් අපේක්ෂකයන් විසින් ආධාරකරුවන්ට සහ හිතවතුන්ට සංග්‍රහ කටයුතු පැවැත්වීම සම්බන්ධයෙන් පැමිණිලි රැසක් මැතිවරණ කොමිසම වෙත ලැබී තිබුණා.
කෙසේ වෙතත්, එම පැමිණිලි වලට අනුව ඇතැම් ස්ථාන වටලා අදාල සාද නතර කිරීමට පියවර ගත් බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක කියා සිටියේ ය.