හලාවත පොලිසියෙන් ව්‍යාජ මැණික් ගල් මිලියන 23කට අලෙවි කළ තිදෙනෙකුට අත්අඩංගුවට!

By Aruna Mar 14, 2025 02:31 AM GMT
Report

හලාවත පොලිසියේ දූෂණ මර්දන ඒකකය විසින් නිධානයකින්  ගොඩගත් බව පවසමින් රුපියල් ලක්ෂ 23ක වටිනාකමකින් යුත් ව්‍යාජ මැණික් ගල් 07ක් අලෙවි කිරීමට සැලසුම් කළ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් කවුද?

අත්අඩංගුවට ගෙන ඇත්තේ කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පදිංචි කපුවෙකු ඇතුළු තිදෙනෙක්.

මෙම සිදුවීම හලාවත-විලත්තව ප්‍රදේශයේදී සිදු වූ බව වාර්තා වනවා.

සැකකරුවන් මෙම වංචාවට යොදාගත් උපක්‍රමය වූයේ නිවසකට ගොස් එහි පිටුපස නිධානයක් ඇති බව නිවැසියන්ට පැවසීමයි.

වංචාවේ උපක්‍රමය

සැකකරුවෙක් නිවැසියන්ට පවසා ඇත්තේ නිධානයක මිල කළ නොහැකි මැණික් ගල් සහ වෙනත් වටිනා භාණ්ඩ තිබෙන බවයි.

ඉන්පසු නිවැසියන්ගේ අවසරයෙන් කැණීම් කර, ව්‍යාජ මැණික් ගල් 07ක් සහ තවත් භාණ්ඩ ගොඩගෙන ඔවුන්ට භාර දී තිබෙනවා.

මෙම මැණික් ගල් විදුලි ආලෝකයට යොමු කළ විට නිල් සහ රතු පැහැයෙන් දිස්වන බවත්, ඒවා සහ භාණ්ඩ සඳහා රුපියල් ලක්ෂ 23ක් අවශ්‍ය බවත් සැකකරුවන් පවසා ඇත.

පොලිස් වැටලීම

නිවැසියන්ට සැකයක් ඇති වීමෙන් පසු ඔවුන් හලාවත පොලිස් මූලස්ථාන පරීක්ෂකවරයාට දැනුම් දීමත් දුන්නා.

පොලිසිය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගත් අතර, ව්‍යාජ මැණික් ගල් 07, නිධාන් භාණ්ඩ, නයි පෙණයකින් යුත් ඇට මාලයක්, සහ කැණීම් උපකරණ භාරයට ගෙන තිබෙනවා.

මෙම භාණ්ඩ කිසියම් ද්‍රව්‍යයකින් සාදන ලද ව්‍යාජ ඒවා බව පොලිසිය සැක කරනවා.

දිවයින පුරා වංචා

සැකකරුවන් මෙවැනි වංචා ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලදීත් සිදු කර ඇති බව පොලිස් පරීක්ෂණවලින් හෙළි වී තිබෙනවා. ඔවුන් හලාවත මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.