ඒක මගේ පෞද්ගලික ප්‍රශ්ණයක් මම ඕන කරන උත්තරේ දුන්නා මට නිකරුණේ ඒක කියන්න බෑ - CID ආපු ගයත්‍රී ඩයස්
අද දින (24) අපරාධ පරීක්ශණ දෙපාර්තමේන්තුවට පැමිණි නිලි ගයත්‍රි ඩයස් ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව ඉන් පිටව ගොස් ඇත. එම අවස්ථාවේදී මාධ්‍යවේදීන් විසින් ඇය පැමිණි හේතුව විමසූ අවස්ථාවේ ඇය පවසා සිටියේ,
"මම හිතනවා හැමෝම දන්නවා මොකක් සම්බන්දයෙන්ව මට කතා කරන්නේ කියලා.මට ඔයාලට කියන්න දේකුත් නෑ මොකද අවශ්‍ය කරන ප්‍රශ්ණ වලට අවශ්‍ය කරන පිලිතුරු මම දීලා ආවේ.මම හිතන්නෑ නීත්‍යානුකූලව කියන්න ඕන දේවල් ඇයි මම මාධ්‍යට නිකරුණේ කියන්නේ කියලා.මගේ පෞද්ගලික දේකට පිලිතුරක් දෙන්න එන්න කිව්වා.ඉතින් මම ආවා.මගේ පැමිණිල්ලක් නෙමෙයි.මට එන්න කිව්වා. මම අවශ්‍ය කරන පිලිතුරු ලබා දුන්නා" ලෙසයි.