සමලිංගික යුවලක් විසින් හදා වඩා ගැනීමට ගත් මාස 13ක බිළිදා අමානුෂිකව දූෂණය කරලා - සිරුරේ තුවාල 40ක් සමඟ බිළිදා මරුට

Report

තමන් විසින් හදා වඩා ගැනීම සඳහා ලබාගත් මාස 13ක් වයසැති පිරිමි දරුවාට අමානුෂික ලෙස ලිංගික අතවර කර ඝාතනය කිරීමේ චෝදනාවට බ්‍රිතාන්‍ය ජාතික ගුරුවරයෙකු සහ ඔහුගේ සහකරු වැරදිකරුවන් වී තිබේ.

ප්‍රෙස්ටන් ක්‍රවුන් උසාවියේ පැවති නඩු විභාගයකදී මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණි. 2022 ජුනි මාසයේදී උපත ලැබූ ප්‍රෙස්ටන් ඩේවි නමැති මෙම බිළිඳා, 2023 අප්‍රේල් මාසයේදී බ්ලැක්පූල් හි පදිංචි 37 හැවිරිදි ගුරුවරයෙකු වන ජේමි වර්ලි සහ ඔහුගේ සහකරු වන 32 හැවිරිදි මූල්‍ය විකුණුම් කළමනාකරු ජෝන් මැක්ගෝවන්-ෆසාකර්ලි විසින් දරුකමට හදා වඩා ගැනීම සඳහා භාරගෙන තිබුණි.

දරුවා රැකබලා ගැනීම වෙනුවෙන් වර්ලි වසරක නිවාඩුවක් ද ලබාගෙන සිටි නමුත්, ඔවුන්ගේ රැකවරණයට පත්වූ මාස හතරකටත් අඩු කාලය තුළ දරුවා අඛණ්ඩව ලිංගික අපයෝජනයට, ළමා හිංසනයට සහ දරුණු ශාරීරික වධහිංසාවලට ලක්ව ඇත.

60 පැනපු අමිර් ඛාන් තුන්වෙනි වරටත් සුරූපිණියක් සමග විවාහ දිවියට - කලින් විවාහයේ දරුවොත් වෙඩින් එකට ඇවිත්

60 පැනපු අමිර් ඛාන් තුන්වෙනි වරටත් සුරූපිණියක් සමග විවාහ දිවියට - කලින් විවාහයේ දරුවොත් වෙඩින් එකට ඇවිත්

2023 ජූලි 27 වන දින වර්ලි විසින් සිහිය නොමැති තත්ත්වයේ සිටි ප්‍රෙස්ටන්ව රෝහලට රැගෙන විත් තිබූ අතර, එහිදී ඔහු පොලිසියට පවසා තිබුණේ දරුවා අහම්බෙන් නාන තටාකයක ගිලී මියගිය බවයි.

කෙසේ වෙතත්, රෝහලට රැගෙන එන විටත් දරුවාගේ හිසකෙස් වියළිව තිබීම, ඔහු ඩයපර් එකක් පැළඳ සිටීම සහ පෙණහලුවල ජලය තැන්පත් වී නොතිබීම නිසා වෛද්‍යවරුන්ට ඒ පිළිබඳ සැක මතු විය.

සමලිංගික යුවලක් විසින් හදා වඩා ගැනීමට ගත් මාස 13ක බිළිදා අමානුෂිකව දූෂණය කරලා - සිරුරේ තුවාල 40ක් සමඟ බිළිදා මරුට | Gay Couple Convicted Of Murdering Toddler

ස්වදේශ කටයුතු කාර්යාලය සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළි වූයේ මරණයට හේතුව දියේ ගිලීම නොවන බවත්, මුඛයට යම් වස්තුවක් බලහත්කාරයෙන් ඇතුළු කර ඉහළ ශ්වසන මාර්ගය අවහිර කිරීමෙන් සිදුකළ ඝාතනයක් බවත්ය.

එමෙන්ම දරුවාගේ සිරුරේ කම්පන සහගත තුවාල 40ක් තිබූ අතර, සැකකරුවන් විසින් දරුවාගේ අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ ද ලබාගෙන තිබූ බව අනාවරණය විය.

මරණයට පෙර මාස කිහිපය තුළ තුන් වතාවක්ම සැක සහිත තැලීම් තුවාල සහිතව දරුවා රෝහලට සහ සමාජ සේවකයන් වෙත යොමු කර තිබුණ ද, වෛද්‍ය කාර්ය මණ්ඩලය විසින් ඒවා සාමාන්‍ය තුවාල ලෙස සලකා නොසලකා හැර තිබුණි.

රජය මගින් විශේෂ සති දෙකක් ප්‍රකාශයට - දිවයින පුරා ක්‍රියාත්මකයි

රජය මගින් විශේෂ සති දෙකක් ප්‍රකාශයට - දිවයින පුරා ක්‍රියාත්මකයි

මියගිය ප්‍රෙස්ටන්ගේ සැබෑ මව වන 42 හැවිරිදි සාරා ඩේවි, 1998 වසරේදී (ඇයට වයස අවුරුදු 14 දී) වයෝවෘද්ධ විශ්‍රාමිකයෙකු ඝාතනය කිරීමේ වරදට සිරගතව සිටි තැනැත්තියක් වන අතර, දරුවා උපන් දින කිහිපයකින් ඕල්ඩ්හැම් කවුන්සිලයේ රැකවරණයට පත් කර තිබුණි.

උසාවියේදී වැරදිකරුවන්ගේ තීන්දුව ප්‍රකාශයට පත් කරන විට දරුවාගේ මව සහ ආච්චි හඬා වැටුණු අතර, වරදකරුවන් වූ ජේමි වර්ලි සහ ජෝන් මැක්ගෝවන් හට එළඹෙන බ්‍රහස්පතින්දා දඬුවම් නියම කිරීමට නියමිතය.