ගෑස් හිඟයට විසඳුම් ලැබෙයි - අඛණ්ඩව ගෑස් ලබාදෙන්න ලිට්රෝ සමාගමෙන් ජනතාවට දුන් හදිසි පොරොන්දුව මෙන්න
By Kanchana
දිවයින පුරා ගෑස් බෙදාහැරීමේ කටයුතු අද (19) සවස් කාලයේ සිට යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා බව ලිට්රෝ ගෑස් සමාගම සදහන් කර ඇත .
එම සමාගම සදහන් කළේ මෙට්රික් ටොන් 3,900ක ගෑස් තොගයක් රැගත් FRANCOIS නෞකාව මේ වන විට මෙරටට ළඟා වී ඇති බවත්, එහි ගෑස් ගොඩබෑමේ කටයුතු සඳහා අවශ්ය කටයුතු සූදානම් කර ඇති බවයි .
අඛණ්ඩව ගෑස් තොග ලැබීම හේතුවෙන් දිවයින පුරා බෙදාහැරීමේ කටයුතු වේගවත් කරමින් වෙළෙඳපොළට සාමාන්ය පරිදි ගෑස් සැපයීම අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකි වනු ඇති බවද ලිට්රෝ ගෑස් සමාගම වැඩිදුරටත් සදහන් කර ඇත.
තවද පසුගිය 16 වැනිදා සිට ඊයේ (18) දිනය දක්වා කාලය තුළ ගෘහස්ථ ගෑස් සිලින්ඩර 350,000ක් වෙළෙඳපොළට නිකුත් කර තිබෙන වග එම සමාගම ප්රකාශ කර තිබේ .