යළි ගෑස් හිඟයක්..ගෑස් පෝලිම් ඇතිවීමේ රතු එළියක්..
දින කිහිපයක සිට හැටන් ඇතුළු වතු ආශ්‍රිත ප්‍රධාන නගර වල ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් හිඟයක් පැවතීම හේතුවෙන් තමන් දැඩි ලෙස පිඩාවට පත් වී ඇති බව ලිට්‍රෝ ගෑස් අලෙවි නියෝජිතයන් සහ පාරිභෝගිකයන් කියා සිටිනවා.
හැටන් ප්‍රදේශයේ ගෑස් අලෙවි නියෝජතියන් කියා සිටින්නේ, මාසයක පමණ කාලයක සිට ලිට්‍රෝ ගෑස් සමාගම විසින් අලෙවි නියෝජිතයන්ට ඉල්ලුමට සරිලන ගෑස් තොග නිකුත් නොකිරීම සහ නියමිත කාල සටහන අනුව ගෑස් තොග බෙදා නොහැරීම මත මෙම ගෑස් හිඟය මතු වී ඇති බවයි.
තම අලෙවි නියොජිත ආයතන සතු හිස් ගෑස් සිලින්ඩර් පවා ආයතනය විසින් රැගෙන ගිය බවත්, එම හිස් ගෑස් සිලින්ඩර් වලට අදාල ගෑස් පිරවු සිලින්ඩර් සති කිහිපයක සිට ලබා නොදුන් බවයි අලෙවි නියෝජිතයන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
ලිට්‍රෝ ගෑස් නොලැබීම හමුවේ හැටන් නගරයේ ගෑස් අලෙවිසැල් කිහිපයක් ද වසා දමා ඇති බවයි වාර්තා වන්නේ.