ගෑස් මිලට මොකද වෙන්නෙ කියලා රටම බලන් ඉන්න වෙලාවේ.. එකවරම සමාගමෙන් දැනුම්දීමක් මෙන්න..
Litro Gas
Litro Gas Price
Businessman
Latest Headlines
Decision Making
By krishani
ලිට්රෝ සමාගම විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ මාසික ගෑස් මිල සංශෝධනයට අනුව දෙසැම්බර් මාසයේ මිල සංශෝධනය හෙට (04) දිනයේ ප්රකාශයට පත්කරන බවයි.
එහි ප්රකාශකයෙකු සඳහන් කළේ ලෝක වෙළදපළේ පවතින ගෑස් මිල හා සංසංදනය කර මෙවර ගෑස් මිල සංශෝධනය කිරීමට නියමිත බවය.
මේ වන විට ලෝක වෙළදපළේ ගෑස් මිල ඉහළ ගොස් ඇති අතර ඒ අනුව මෙරට ගෑස් මිලෙහි ද වැඩිවීමක් සිදුවිය යුතු වුවත් ජනතාවට සහනයක් ලබාදීමේ අරමුණින් ගෑස් මිල ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාමට සාකච්ඡා සිදුවෙමින් පවතින බව ද වාර්තා වේ.
ඒ සදහා වු යෝජනා මුදල් අමාත්යංශය වෙත යොමුකර ඇති බව සදහන් වේ.
කෙසේ වෙතත්, පසුගිය මාසයේ ද ගෑස් මිල සංශෝධනයක් සිදු නොවු අතර අවසන් වරට ගෑස් මිල සංශෝධනයක් සිදුවුයේ පසුගිය ඔක්තෝබර් මාසයේ දීය.
You May Like This Video👇
.