ඊයේ රෑ ගෑස් මිල සතුටුදායක ලෙස බස්සයි..ලාෆ් ගෑසුත් තීරණයක් ගනී..
ලිට්‍රෝ ගෑස් මිල ඊයේ (05දා) මධ්‍යම රාත්‍රියේ සිට අඩුකර ඇත. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 453 කින් අඩුවී ඇත.
ඒ අනුව එහි නව මිල රුපියල් 3,186 කි. කිලෝ ග්‍රෑම් 05 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 181 කින් පහත ගොස් ඇති අතර එහි නව මිල රුපියල් 1,281 කි.
කිලෝ ග්‍රෑම් 2.5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 83 කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 598 කි.
මේ අතර ලාෆ් ගෑස් මිලද අඩුකිරීමට එම සමාගම කටයුතු කරමින් සිටින බවයි එහි ප්‍රකාශකයෙක් වැඩිදුරටත් කියා සිටියි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |