ගනේමුල්ලේ සංජීවගේ ඝාතනය ඉතිහාසගත වෙයි. - චිත්‍රපටයක කොටසක් වගේ. - තුවක්කුව සඟවාගෙන ආ පොත එළියට. - (VIDEO /PHOTOS)
අද දිනයේ ගනේමුල්ලේ සංජිව ඝාතනය සැකකරුවෙක් විත්ති කූඩුවක් තුළ ඝාතනයක වූ පළමු අවස්ථාව බවට ඉතිහාස ගත වන බව ප‍්‍රකට නීතිවේදියෙකු සිය සමාජ ජාල ගිණුමේ සඳහන් කර තිබුනා.
ඒ,පාතාල නායක ගනේමුල්ලේ සංජීව අලුත්කඩේ අධිකරණයේ විත්ති කූඩුව තුළදී ඝාතන වීම සම්බන්ධයෙන්.
එහි දැක්වෙන්නේ, අධිකරණ සංකීර්ණයන් තුළ මීට පෙරද වෙඩි තැබීම් වාර්තා වුවත් විත්ති කූඩුවකදී සැකකරුවකු ඝාතනය කරන ලද ප්‍රථම අවස්ථාව මෙය ලෙස සැලකෙන බවයි.
මේ අතර ගනේමුල්ල සංජීව ඝාතනය කිරිම සඳහා සැකකරු තුවක්කුව සඟවාගෙන ආ පොතෙහි ඡායාරූප මේ වනවිට නිකුත් වී තිබෙනවා.
නීතිඥවරයෙකු ලෙස වෙස්වළාගෙන පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කරනු ලැබුවා.

නඩුකාරයා නඩු අහද්දී අලුත්කඩේ විත්ති කූඩුවේ සිටි ප්‍රබල අපරාධකල්ලි නායක ගනේමුල්ලේ සංජීවට වෙඩි තියා මරයි. - නීතිඥවරයෙකු ලෙස වෙස්වලාගෙන ඇවිත්. - (VIDEO /PHOTOS)

