සංජීව එලොව යැවූ කමාන්ඩෝ සමිඳුගේ තවත් කෙරුම් හෙළිවෙයි

Sri Lanka Police Crime
By Shehan Mar 04, 2025 10:33 AM GMT
Shehan

Shehan

Report

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීවගේ ඝාතකයා විසින් සිදුකළ තවත් අපරාධයක් අනාවරණය කර ගැනීමට පොලිසිය සමත්ව තිබේ.

මෙම සැකකරු 2024.12.13 වන දින කඳාන පොලිස් වසමේ වීදී මාවත ප්‍රදේශයේ පිහිටි නිවසකට ටී 56 වර්ගයේ ගිනිඅවියකින් වෙඩි තබා පළා යාමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු බවට එහිදී අනාවරණය වී ඇත.

ගණේමුල්ල සංජීව ඝාතනය : සිම්පත් ලබාදුන් පුද්ගලයන් දෙදෙනෙක් රිමාන්ඩ්

ගණේමුල්ල සංජීව ඝාතනය : සිම්පත් ලබාදුන් පුද්ගලයන් දෙදෙනෙක් රිමාන්ඩ්

මෙයද විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ මෙහෙයවීම මත සිදුකර ඇති බවට වැඩිදුරටත් අනාවරණය වී ති‌‌බෙන අතර කොළඹ අපරාධ කොට්ඨාසය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

පසුගිය පෙබරවාරි මස 19 වන දා අලුත්කඩේ අංක 05 මහෙස්ත්‍රාත් අධිකරණයේ දී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව යන අය වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයේ වෙඩික්කරු වශයෙන් කටයුතු කළේ 27 හැවිරිදි සමිඳු දිල්ෂාන් පියුමංග කඳනාරච්චි නම් වූ මෙම සැකකරුය.

වචන හරඹයක් දුරදිග යයි! එළවළු වෙළෙන්දාට මාරක ප්‍රහාරයක්

වචන හරඹයක් දුරදිග යයි! එළවළු වෙළෙන්දාට මාරක ප්‍රහාරයක්

ඔහුව මේ වනවිට දින 90ක රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් විමර්ශන සිදුකරමින් පවතී. 

ReeCha