ගණේමුල්ල සංජීව ඝාතනය : සිම්පත් ලබාදුන් පුද්ගලයන් දෙදෙනෙක් රිමාන්ඩ්

CID - Sri Lanka Police Ministry Of Public Security
By Shehan Mar 03, 2025 12:41 PM GMT
Shehan

Shehan

Report

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් දෙදෙනෙකු ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් උදාර නිර්මාල් ගුණරත්න සහ නලින් දුෂ්ශන්ත යන සැකකරුවන් දෙදෙනා අද (03) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය හමුවට ඉදිරිපත් කරනු ලැබීය.

මෙම සැකකරුවන් රැඳවුම් නියෝග මත රඳවාගෙන විමර්ශන සිදුකළ බවත් රැඳවුම් නියෝග අවසන් කිරීමෙන් අනතුරුව ඔවුන් අද දින අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලීසිය අධිකරණය හමුවේ සඳහන් කළේය.

මෙම සැකකරුවන් සම්බන්ධ විමර්ශන අවසන් වී නොමැති හෙයින් ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඉදිරිපත් වූ කරුණු සලකාබැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය අදාළ සැකකරුවන් දෙදෙනා ලබන 07 ව‍ෙදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සඳහා යොදාගත් ජංගම දුරකථන සිම්පතක් ලබා ගැනීමට ආධාර අනුබල දීම මෙම සැකකරුවන් විසින් සිදුකර ඇති බව සඳහන් කළ පොලීසිය ඒ අනුව ඔවුන් සැකපිට අත්අඩංගුවට ගත් බවත් සඳහන් කළේය. 

ReeCha