අලුත්කඩේ ඝාතනය ගැන බුද්දි අංශ කලින්ම තොරතුරු දුන්නත් ගණන් අරං නෑ

Sri Lanka Police Sri Lanka Magistrate Court Sri Lanka Police Investigation Crime
By Gagana News Feb 23, 2025 05:19 AM GMT
Gagana News

Gagana News

Report

මාදිවෙල පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නිල නිවාස සංකීර්ණය වටා පොලිස් විශේෂ කාර්ය බළකාය ආරක්ෂාව දැඩිකර ඇති බව සමග ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා සඳහන් කරයි.

එමෙන්ම පාර්ලිමේන්තුව සංකීර්ණයට ද පොලිසියේ හා පොලිස් විශේෂ කාර්ය බලකා ආරක්ෂාව දැඩි කර ඇති බවද ඔහු පැවසුවේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මහ පාරේ ඝාතනය කළහොත් එහි වගකීම සම්පූර්ණයෙන්ම වර්තමාන ආණ්ඩුව භාරගත යුතු බවත් ඒ මහතා කියා සිටියේය.

පාර්ලිමේන්තුව අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.

අධිකරණ පරිශ්‍රෙය සිදු වූ වෙඩි තැබීම පිළිබඳ සති කිහිපයකට පෙර රටේ බුද්ධි අංශ වාර්තා කර තිබූ බවද පාස්කු ප්‍රහාරය අවස්ථාවේ මෙන්ම එම බුද්ධි තොරතුරු අනුව ක්‍රියාත්මක වී නොමැති බව ද ප්‍රහාරය සිදුවන්නට ඉඩ හැර ඇති බව ද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

අදාළ ප්‍රහාරය සැලසුම් කළ සිංහපුර දේවගේ ඉෂාරා සෙව්වන්දිගේ නම ද ඇතුළු සියලු තොරතුරු බුද්ධි අංශ වාර්තා කර තිබූ බවත් මෙය දෙවන පාස්කු ප්‍රහාරය බවත් රෝහණ බණ්ඩාර චෝදනා කරයි.

අධිකරණයට පැමිණ ප්‍රහාරය එල්ල කරවා අදාළ කාන්තාව පිටව ගොස් ඇති බවත් ආරක්ෂාවේ කප්පිත්තන් යැයි උදම් ඇනූ පිරිසට ඇගේ මයල් ගසක්වත් අල්ලා ගැනීමට හැකියාව ලැබී නොමැති බවත් ඔහු ප්‍රකාශ කරයි.

ඝාතනය සිදු කරන ලද වෙඩික්කරුවා අල්ලා ගන්නා ලද්දේ ඔහු පලා යන වාහනයේ අංකයද සහිතව ඩුබාහි සිට ලැබුණු ඔත්තුවකින් බවත් පැවසු වූ අද වනතෙක් අදාළ ඝාතනය මෙරට සැලසුම් කළ කාන්තාව අත්අඩංගුවට ගැනීමට සමත් වෙන්නැති බවද පැවසුවේය.  

අපරාධ වැඩිවී ඇති පළාත් ගැන හෙළිදරවුවක්

අපරාධ වැඩිවී ඇති පළාත් ගැන හෙළිදරවුවක්

පොල් හිඟයට විසඳුමක්

පොල් හිඟයට විසඳුමක්

ReeCha