සංජීවට බුලට් රට වටේ පත්තු වෙයි! වැලිවේරිය වෙඩිල්ල ගැන ඇහෙන අලුත්ම පුවත
වැලිවේරියේ ඊයේ(13) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමෙන් අපරාධකරුවකු වන කෙහෙල්බද්දර පද්මේගේ සමීපතමයෙකු මෙසේ වෙඩි වැදී ඇති බවට තොරතුරු අනාවරණය වේ.
කෙසේ නමුත් එම තරුණයාට මෙතෙක් කිසිඳු අපරාධ චෝදනාවක් එල්ල වී නොමැති බවත්, ඒ අනුව ගණේමුල්ල සංජීව ඝාතනයට පලිගැනීමක් ලෙස මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇති බවට පොලසිය සැක පළ කරයි.
වැලිවේරිය, අරලියගහ හංදිය ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී 9.10ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ලකර තිබුණු අතර එම ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ 26 හැවිරිදි විනෝත් දිල්ශාන් නම් තරුණයෙක්ය.
සංචාරකයන් ප්‍රවාහනය කරන මෝටර් රථයක් කුලී පදනම මත පදවන එම තරුණයාට, එම රථයේ හිමිකරු විසින් ඊයේ රාත්‍රියේ සංචාරකයෙකු ගාල්ල ප්‍රදේශයට රැගෙන යාම සඳහා වැලිවේරියට යන ලෙසට දැනුම් දී ඇති අතර එලෙස පැමිණෙමින් සිටින අතරතුරදී ඔහු වෙඩි ප්‍රහාරයට ලක්ව තිබේ.
වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ තරුණයා තුවාල සහිතව මෝටර් රථය ගම්පහ රෝහල තෙක් පදවාගෙන ගොස් තිබේ. වෙඩි ප්‍රහාරය ඔහුගේ අතකට එල්ල වී ඇති අතර, බරපතළ තුවාල සිදුව නොමැත බව වාර්තා වේ.
