ඝාතනයට ලක්වූ සංජීවගේ දේහය ගැන ඇහෙන අමුතුම කතාව..

Report

වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්වූ ගණේමුල්ල සංජීව නොහොත් සංජීව කුමාර සමරරත්නගේ මෘත දේහය භාරගැනීම සඳහා මෙතෙක් කිසිදු ඥාතියෙක් පැමිණ නොමැති බව වාර්තා වේ.

ඔහුගේ දේහය මේ වනවිට කොළඹ පොලිස් මෘත ශරීරාගාරයේ තබා තිබේ.

ඊයේ (19) උදෑසන, සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු වන ගණේමුල්ල සංජීව අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණ මැදිරිය තුළදී සිදුවූ වෙඩි වැදීමකින් ජීවිතක්ෂයට පත්විය.

බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ සිට විශේෂ ආරක්ෂාවක් යටතේ ඔහු ඊයේ අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආ අවස්ථාවේදී මෙම වෙඩි වැදීමට ලක්විය.

You may like this video 👇