ගම්පහ දිස්ත්‍රික්කය - සමස්ථ මැතිවරණ ප්‍රතිඵල නිකුත් වෙයි..
2024 ජනාධිපතිවරණය
2024 ජනාධිපතිවරණයේ දී ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ථ ඡන්ද ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ගම්පහ දිස්ත්‍රික් සමස්ත ඡන්ද ප්‍රතිපලය මත අනුර කුමාර දිසානායක මහතා මනාප 809,410ක් ලබා ඉදිරියෙන් පසු වෙයි.
එමෙන්ම, සජිත් ප්‍රේමදාස මහතා මනාප 349,550ක් ලබා දෙවෙනි ස්ථානයට පත් විය.
කෙසේ වෙතත්, රනිල් වික්‍රමසිංහ මහතාට ලබා ගැනීමට හැකි වූයේ මනාප 216,028ක් පමණී.
2019 ජනාධිපතිවරණය
2019 ජනාධිපතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ කළ ගෝඨාභය රාජපක්ෂ මහතා 855,870ක වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් ජයග්‍රහණය කරනු ලැබුවා.
එය එම දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් සියයට 59.28%ක් විය.
මෙහිදී ජාතික ප්‍රජාතනත්‍රවාදී පෙරමුණේන් තරග කළ සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 494,671ක් ලබා ගනිමින් දෙවෙනි ස්ථානයේ පසු වූ අතර එය එම දිස්ත්‍රිකයේ සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් සියයට 34.26% කි.
මෙම දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් සියයට 4.28% ලබා ගනිමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා තුන්වන ස්ථානයේ පසු වුණා.
ඒ, අනුව ඔහු ලබාගත් සමස්ත ඡන්ද ප්‍රමාණය 61,760 ක්. 2019 ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයන් සංඛ්‍යාව 1,751,892ක් වූ අතර වලංගු ඡන්ද- 1,443,800යි, ඡන්ද - 1,459,551ක් භාවිතා කළ තිබූ අතර ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 15,751යි.
2015 ජනාධිපතිවරණය
2015 ජනාධිපතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයේ ජාතික ප්‍රජාතනත්‍රවාදී පෙරමුණේන් තරඟ කළ මෛත්‍රීපාල සිරිසේන මහතා 669,007 ක වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් ජයග්‍රහණය කළ අතර එය දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් සියයට 49.83%කි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කළ මහින්ද රාජපක්ෂ මහතා සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් සියයට 49.49%ක ප්‍රතිශතයක් ලබා ගනිමින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් දෙවෙනි ස්ථානයට පැමිණයේ මුළු ඡන්ද 664,347ක ප්‍රමාණයක් ලබාගනිමින්.
2015 ජනාධිපතිවරණයේ දී කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයන් සංඛ්‍යාව 1,680,263ක් වූ අතර වලංගු ඡන්ද- 1,342,496යි.
ඡන්ද - 1,357,143ක් භාවිතා කළ තිබූ අතර ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 14,647යි.