යටිතල පහසුකම්වලට එල්ලකරන ප්‍රහාර ඉරානය තරයේ හෙළා දකී
By Kanchana
අමෙරිකාව විසින් ඉරානයේ සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කර එල්ලකරන ප්‍රහාර ඉරානය දැඩි ලෙස හෙළාදැක ඇත.
ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාචි සිය 'X' ගිණුමේ සටහනක් තබමින් සදහන් කරමින් ප්‍රකාශ කර ඇත්තේ මෙම ප්‍රහාරවලින් ඉරානය යටත්කරගත නොහැකි බවය.
අමෙරිකානු ජනධිපතිවරයා සිය ටෘෘත් සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින්, ඉරානයේ පාලම් විනාශ කර විදුලි බලාගාරද විනාශ කරන බවට සිදුකළ ප්‍රකාශයට පිළිතුරු ලෙස ඔහු මේ බව සදහන් කර තිබේ .
ඉරාන විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් සිය 'X' ගිණුමෙන් සඳහන් කර ඇත්තේ
"පාලම් වැනි ව්‍යුහයන් ඉලක්ක කර ගැනීම සතුරෙකුගේ පරාජය සහ සදාචාරාත්මක බිඳවැටීමක්... හානියට පත් ඕනෑම යටිතල පහසුකමක් ඉරානය යළි ගොඩනගනවා" යනුවෙනි.