ගාල්තැන්නේ කපුවා රිමාන්ඩ්

Report

තෙල්දෙණිය වැඩ බලන මහේස්ත්‍රාත් ස්වර්ණා කරල්ලියද්ද මහතා, හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ ලේකම්වරයෙකු විසින් බාර දුන් බව කියන සුපිරි ජීප් රියක් ලඟ තබා ගත් මහනුවර, ගාල්තැන්න ප්‍රදේශයේ කපුවෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කොට තිබෙනවා.

ඒ අනූව සැකකරු නොවැම්බර් මස (11) දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි නියෝග කර ඇත්තේ.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ ගාමීණී ආනන්ද නැමත්තෙක්. තෙල්දෙණිය පොලිසියේ විශේෂ විමර්ශණ අංශය පවසන්නේ, අදාල සුපිරි ජීප් රිය ලියාපදිංචි නොකළ එකලස් කරන ලද එකක බවයි.

තෙල්දෙණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් අමරසිංහගේ අධීක්ෂණ මත තෙල්දෙණිය පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශණ ඒකකය වැඩිදුර විමර්ශන සිදුකරනවා.