බණ්ඩාරනායක පිළිරුව පිහිටි ස්ථානයේ සිට මීටර් 50ක ප්‍රදේශයට ඇතුළු වීම තහනම් කෙරේ..!
ගාලු මුවදොර, බණ්ඩාරනායක පිළිරුව පිහිටි ස්ථානයේ සිට මීටර් 50ක ප්‍රදේශයට කිසිදු පාර්ශ්වයකට ඇතුළු වීම වළක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ අද නියෝගයක් නිකුත් කරනු ලැබුවා.
ඒ අදාළ පිළිමයට හානි කිරීමේ සූදානමක් පවතින බවට තොරතුරු ලැබී ඇති බව සඳහන් කරමින් පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවක් සැලකිල්ලට ගනිමින්.
අදාල පිළිමය පිහිටි ස්ථානයේ සිට මීටර් 50ක ප්‍රදේශයට කිසිදු පාර්ශ්වයක් ඇතුළු වීම වළක්වාලීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පොලිසිය එහිදී ඉල්ලා සිටියා. එම ඉල්ලීම සලකා බලමිනුයි මහේස්ත්‍රාත්වරයා අදාළ නියෝගය නිකුත් කරනු ලැබුවේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |