සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියෙන් තියාගෙන ජී.එල් පීරිස් මහතා කියූ දේ බලන්න.(VIDEO)

Dilan Perera G. L. Peiris R M Ranjith Madduma Bandara Sajith Premadasa Sri Lanka Politician
By Aruna Apr 06, 2024 05:59 AM GMT
Aruna

Aruna

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල්. පීරිස් මහතා ඇතුලු මන්ත්‍රීවරුන් පිරිසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගේ නායකත්වයෙන් යුත් සමගි බලවේගය ප්‍රමුඛ සන්ධානය සදහා සහයෝගය දැක්වීමට ඊයේ දිනයේ එක්වනු ලැබීය.

මෙහිදී සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂයේ සිටියදී රටපුරා අධ්‍යාපනය,සෞඛ්‍ය, ආගමික යන අංශ ගණනාවක සිදු කරගෙන යන වැඩ පිළිවෙළ ජී. එල් පීරිස් මහතා විසින් අගය කිරීමට ද අමතක කළේ නැහැ.

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2048දී ගොඩනගන්නට යන ඩිජිටල් සහ හරිත ආර්ථිකය ද ගැනද මන්ත්‍රීවරයා විසින් විවේචනය කරන්නට වුණා.

ඉදිරි අවුරුදු 25ක් ගැන සිතන්නට පෙර රටේ ඉදිරි මාස 06 ගැන සිතා කටයුතු කළ යුතු බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

රටේ සමස්ථ ජනතාව තමන්ගේ ආණ්ඩුවක් යැයි කිව හැකි පාලන ක්‍රමවේදයක් නිර්මාණය කළ යුතු බවයි ජී.එල් පීරිස් මහතා අවධාරණය කළේ.

මේ ඇතුළු වැඩි විස්තර පහත වීඩියෝවෙන් නරඹන්න.