රජයේ විශ්වවිද්‍යාල සංවර්ධනය සඳහා රු. මිලියන 46,317ක්
රජයේ විශ්වවිද්‍යාල සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 46,317 ක මුදලක් වැය කිරීමට රජය තීරණය කර ඇත.
ඒ අනුව රජයේ විශ්වවිද්‍යාල සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති 16ක් අලුතින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
මෙම ව්‍යාපෘති 2026 – 2030 රාජ්‍ය ආයෝජන සැලැස්ම යටතේ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ලැබේ.
මෙම නව ව්‍යාපෘති මොරටුව, පේරාදෙණිය , වවුනියාව , ශ්‍රී ජයවර්ධනපුර , රුහුණ , නැගෙනහිර , ඌව වෙල්ලස්ස යන විශ්වවිද්‍යාල මෙන්ම ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.
ඒ අනුව මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා මහාචාර්ය ඒකකයක් ඉදිකිරීම සහ උපකරණ සැපයීම සඳහා ව්‍යාපෘති පිරිවැය රුපියල් මිලියන 3594 ක් වන බව වාර්තා වෙයි.
තවද විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයන පීඨය සඳහා යෝජිත ගොඩනැගිල්ල ඉදිකිරීම හා සම්පූර්ණ කිරීමට ව්‍යාපෘති පිරිවැය රුපියල් මිලියන 1309 ක් වෙන් කර තිබේ .
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර ප්‍රතිසංස්කරණය කිරීමට වෙන් කෙරෙන මුදල රුපයිල් මිලියන 2452 ක් වන අතර එහි දන්ත සෞඛ්‍ය විද්‍යා පීඨයේ ශිෂ්‍ය ආපනශාලා සංකීර්ණය පුළුල් කිරීමට රුපියල් මිලියන 100ක් වෙන් කර තිබේ.
තවද එහි සම සෞඛ්‍ය විද්‍යා පීඨයට විද්‍යාගාර සංකීර්ණයක් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 405 ක් වෙන් කර තිබෙන බව සදහන් වේ.
ඒ වගේම අනෙකුත් විශ්වවිද්‍යාලවල ද සංවර්ධන කටයුතු සිදු කිරීමට සුදුසු පරිදි මුදල් වෙන් කර තිබේ .
මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අදාළව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය කැබිනට් පත්‍රිකාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.
ඉන්පසුව ඒ සඳහා අනුමැතිය හිමිවිය.