ලංකාවේ ඉන්ධන බෙදීම ආරම්භයි - හෙට පෝයටත් ඉන්ධන බෙදයි

Report

ලංකා ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසන්නේ මැදපෙරදිග යුද වාතාවරණයක් ඇතිව තිබුණ ද මේ වනවිට රට තුළ දින 37කට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බැවින් අනවශ්‍ය බියක් ජනතාව ඇති කරගත යුතු නැති බවයි.

එහි විධායක කමිටු සාමාජික ඩී.වී. ශාන්ත සිල්වා මහතා මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් සඳහන් කළේ, අද ඉරිදා දිනයක් වුවත් අද දිනය තුළ ද ඉන්ධන බෙදාහැරීමේ කටයුතු අඛණ්ඩව සිදුවන අතර හෙටට යෙදී ඇති පෙහොය දිනය තුළ ද ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සිදුකරන බවය.

ලංකාවේ පෙට්‍රල් හා ඩීසල් තියෙන්නේ මාසෙකට - ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් නිවේදනයක්

ලංකාවේ පෙට්‍රල් හා ඩීසල් තියෙන්නේ මාසෙකට - ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් නිවේදනයක්

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා, "සාමාන්‍යයෙන් මෙම තත්ත්වය උදා වෙන්න ඉස්සල්ලා සාමාන්‍යයෙන් අද ඉරිදා නිවාඩු දිනයක්. දීර්ඝ සති අන්ත නිවාඩුවක් නිසා IOC සමාගම මීට ප්‍රථම තීරණය කරලා තිබුණු පරිදි සාමාන්‍ය පරිදිම ඉන්ධන බෙදා හැරීම සිදු වෙනවා. පෝය දිනයක් තුළ ඉන්ධන ප්‍රවාහන කටයුතු සිදු නොවුනත් මීට පෙර තීරණය කර ගත් පරිදි CPSL ආයතනය හෙට (02) දිනයේ ඉන්ධන බෙදා හැරීම් කටයුතු සිදුකරනවා. ඒ සඳහා ටැංකි රථ අවශ්‍ය ප්‍රමාණයෙන් යොදවලා තියෙන්නේ. ඉන්ධන සම්බන්ධයෙන් කිසිම අනියත බියක් ඇති කරගත යුතු නෑ"

බොරතෙල් මිල ඉහළට - ජනතාව අසරණ වෙයි

බොරතෙල් මිල ඉහළට - ජනතාව අසරණ වෙයි

කටාරයේ දෝහා අගනුවරට හා ඩුබායි රාජ්‍යයට ප්‍රහාර - එකවර පිපිරීම් කිහිපයක්

කටාරයේ දෝහා අගනුවරට හා ඩුබායි රාජ්‍යයට ප්‍රහාර - එකවර පිපිරීම් කිහිපයක්