විශේෂ දැනුම්දීමක් - මේ සහනාධාරය ජූනි මසෙන් අවසන් යළි ලබා දෙන්නේ නැත

Report

පාරිභෝගික ජනතාවට ඉන්ධන සඳහා රජයෙන් ලබා දෙන විශේෂ සහනාධාරය මේ මාසයෙන් පසුව සම්පූර්ණයෙන්ම අවසන් වන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ උසස් ප්‍රධානීහු රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ නිල වශයෙන් පැවසූහ.

මුදල් කමිටුවේ දැඩි ප්‍රශ්න කිරීම් හමුවේ අදහස් දැක්වූ මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ඒ කේ සෙනවිරත්න මහතා මෙහිදී පැවසුවේ අදාළ ඉන්ධන සහනාධාරය තවදුරටත් වැඩි කිරීමට රජය තවමත් කිසිදු නිල තීරණයක් ගෙන නැති බවයි.

දැනට එම සහනාධාරය පවතින්නේ රුපියල් 100 සීමාව ඇතුළත පමණක් බව ද ඔහු කීවේය. මෙහිදී සභාවේ අදහස් දැක්වූ මුදල් කමිටුවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සිනාමුසුව පැවසුවේ ඔබ මේ අවස්ථාවේදී හරියට ආඳා වගේ ලිස්සා යන ආකාරයේ පිළිතුරක් ලබා දෙන බවයි.

ඉදිරියේදී ජාත්‍යන්තරයෙන් තෙල් මිලදී ගැනීම් නිසි පරිදි සහ විධිමත්ව කළමනාකරණය නොකළහොත්, මෙරට ඉන්ධන මිල ගණන් විශාල ලෙස ඉහළ යෑමෙන් රටේ පොදු බඩු මිල ද සීඝ්‍රයෙන් ඉහළ යනු ඇති බව මුදල් කාරක සභා සභාපතිවරයා අනතුරු ඇඟවීය.

තවද තෙල් සඳහා රජයට වෙන් කිරීමට සිදුවන සමස්ත සහනාධාරය රුපියල් බිලියන 57 ක් තරම් විශාල අගයක් ගන්නා හෙයින්, වත්මන් ආර්ථික තත්ත්වය හමුවේ එය දිගින් දිගටම ලබා දෙන්නේ කෙසේදැයි හර්ෂ ද සිල්වා මහතා ප්‍රශ්න කළේය.

මෙහිදී නැවත අදහස් දැක්වූ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී ජේ රාජකරුණා මහතා පැවසුවේ වත්මන් සහනාධාර ක්‍රමය යටතේ ඩීසල් ලීටරයකට රුපියල් 100 ක් සහ පැට්‍රල් ලීටරයකට රුපියල් 20 කට ආසන්න මුදලක් සංස්ථාවට ලැබෙන බවයි.

මෙම ඉන්ධන සහනාධාරය දීම නිල වශයෙන් පටන් ගත්තේ ඉකුත් අප්‍රේල් මස 01 වැනිදා සිට බව ද ඔහු පැවසුවේය. අප්‍රේල් මාසය වනවිට පවතින මිල ගණන් අනුව ඩීසල් ලීටරයකින් රුපියල් 129 ක විශාල අලාභයක් පවතින බවත්, එයින් රුපියල් 100 ක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් සෘජුවම ලැබෙන බවත් සංස්ථා සභාපතිවරයා කීය.

එවිට සංස්ථාවට ඩීසල් ලීටරයකින් ඉතිරි වන්නේ රුපියල් 29 ක පමණ සුළු පාඩුවක් බව ඔහු පැවසීය. කෙසේ වුවද සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සිදුවන අනෙකුත් නිෂ්පාදනවල ලාභයත් සමඟ සංස්ථාවට විශාල පාඩුවක් නොමැතිව ඉදිරියට යා හැකි බව රාජකරුණා මහතා විශ්වාසය පළ කළේය.

මුදල් කමිටුවේ සභාපතිවරයා යළි අදහස් දක්වමින් කියා සිටියේ, මෙම සහනාධාරය සම්පූර්ණයෙන්ම ඉවර වුණොත් ජුනි මාසයෙන් පස්සේ රජයෙන් නැවත සල්ලි දෙන්නේ නැති බවයි.

එලෙස ජනතාවට සහනයක් දෙනවා නම් ඉදිරියේදී එය දෙන්න වෙන්නේ අස්වැසුම සුබසාධන වැඩසටහන හරහා පමණක් බව ඔහු පෙන්වා දුන්නේය.

හෙට දිනට වලංගු වන පරිදී බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ජනතාවට නිවේදනයක්

හෙට දිනට වලංගු වන පරිදී බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ජනතාවට නිවේදනයක්

තවද අස්වැසුම ප්‍රතිලාභ මුදල් මේ වෙනුවෙන් තවදුරටත් වැඩි කර ගැනීමේ හැකියාවක් තිබෙනවාද යන්නත්, රජයට අවශ්‍ය වුණොත් පාර්ලිමේන්තුවට අතිරේක අයවැය පරිපූරකයක් ඉදිරිපත් කර එය කරගන්න පුළුවන් බවත් පැවසූ සභාපතිවරයා, තමන් ඊට කිසිසේත් විරුද්ධ වෙන්නේ නැති නමුත් එමඟින් රටේ පොදු නිෂ්පාදන වියදම වැඩි වෙන්න ඉඩ ඇති බව ප්‍රකාශ කළේය.

මෙහිදී අදහස් දැක්වූ ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ජූඩ් නිලූක්ෂාන් මහතා පැවසුවේ එම යෝජනාව ඉදිරියේදී රජයට සලකා බල හැකි බවයි.

අපොස උසස් පෙළ සිසුන්ට විශේෂ නිවේදනයක් - පාසල් පවත්වන දින ගණන් ගැන කාලසටහනක් නිකුත් වෙයි

අපොස උසස් පෙළ සිසුන්ට විශේෂ නිවේදනයක් - පාසල් පවත්වන දින ගණන් ගැන කාලසටහනක් නිකුත් වෙයි