අද මධ්‍යම රාත්‍රියේ ඉන්ධන මිල ගණන් පහත දමයි?..දැනට ලැබෙන ආරංචිය මෙන්න..

Fuel Price In Sri Lanka Ceylon Petroleum Corporation Kanchana Wijesekera Sri Lanka Fuel Crisis Fuel Price In World
By Aruna Jun 30, 2024 02:15 AM GMT
Aruna

Aruna

Report

ඉන්ධන මිල පහල දැමීම සඳහා සූදානමක් පවතින බව වාර්තා වනවා.

මේ අනුව, මාසික මිල සංශෝධනය අද(30) දිනට යෙදී තිබීම මෙලෙස ඉන්ධන මිල ගණන් වෙනස්වීමට හේතුවක් වේ.

එහිදී ඉන්ධන මිල අද දිනයේ සංශෝධනය කිරීම සම්බන්ධව පියවර ගැනීමට නියමිතව ඇත.

ඉදිරි පැය 24 ගැන අනතුරු ඇඟවීමක්..වහාම මේ අයට ආරක්ෂිත ස්ථාන වෙත යන්නැයි දැනුම්දීමක්..

ඉදිරි පැය 24 ගැන අනතුරු ඇඟවීමක්..වහාම මේ අයට ආරක්ෂිත ස්ථාන වෙත යන්නැයි දැනුම්දීමක්..


කෙසේ වෙතත් විශාල මිලකින් මෙවර ඉන්ධන මිල සංශෝධනයක් සිදු නොකරනු ඇති බවයි වාර්තා වන්නේ.

ඒ ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල සැලකිය යුතු වෙනසක් ගත වූ මාසයක කාලය ඇතුළත සිදු නොවීම හා විනිමය අනුපාතද සැලකිය යුතු වෙනසක් සිදු නොවීම හේතුවෙන් බවයි පැවසෙන්නේ.

අද මධ්‍යම රාත්‍රියේ මිල ගණන් අඩු කිරීම ගැන සුබ ආරංචි 02ක්..එක ගලෙන් කුරුල්ලො දෙන්නෙකුට විදියි.

අද මධ්‍යම රාත්‍රියේ මිල ගණන් අඩු කිරීම ගැන සුබ ආරංචි 02ක්..එක ගලෙන් කුරුල්ලො දෙන්නෙකුට විදියි.


කෙසේනමුත් ඉන්ධන මිල මෙරට ඉහළ ගිය ආකාරයට පාරිභෝගික ජනතාවට දැනෙන ගණනකින් පහත දැමීමට රජයයට තවමත් හැකියාව පවතී.

මේ අතර,අවසන් වරට සිදු කළ ඉන්ධන මිල සංශෝධනයට අනුව, ඉන්ධන වර්ග තුනක මිල ගණන් අඩු කළ අතර, දෙකක මිල ගණන් නොවෙනස්ව පැවතියා.

හිරුණිකාට බන්ධානාගාරය තුළදී මෙතෙක් සිදු නොවූ දෙයක් සිදුවෙයි..නමත් නැති වෙයි.

හිරුණිකාට බන්ධානාගාරය තුළදී මෙතෙක් සිදු නොවූ දෙයක් සිදුවෙයි..නමත් නැති වෙයි.


ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13කින් පහළ දැමූ අතර එහි නව මිල රුපියල් 355ක් ලෙස සටහන් විය.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල නොවෙනස්ව පැවති අතර, එහි මිල රුපියල් 420ක්.

සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 16කින් පහත දැමූ අතර, එහි නව මිල රුපියල් 317කි. එමෙන්ම ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල නොවෙනස්ව පැවති අතර එහි මිල රුපියල් 377කි.

භූමිතෙල් මිල රුපියල් 13කින් පහළ දැමූ අතර එහි නව මිල රුපියල් 202ක් ලෙස සටහන් විය.

පියුමි හංසමාලිටත් කරන්න යන දේ ගැන අලුත්ම ආරංචිය මෙන්න..

පියුමි හංසමාලිටත් කරන්න යන දේ ගැන අලුත්ම ආරංචිය මෙන්න..


මේ අතර, සයිනෝපෙක් සමාගම මඟින් අලෙවිකරන ඔටෝ ඩීසල් ලීටරයක මිල සිපෙට්කෝ සහ ලංකා අයි.ඕ.සී මිලට වඩා රුපියල් 3 ක් අඩුවෙන් අලෙවිකරන අතර සෙසු ඉන්ධන මිල ගණන් සිපෙට්කෝ සහ අයි.ඕ.සී මිලට සමාන වේ.