ඉන්ධන ලීටරයක මිල රුපියල් 150කින් අඩු කරන බව දැනුම්දීමක්..
ඉදිරි ජනාධිපතිවරණය ජයගත් පසු තම ප්‍රමුඛ අවධානය ලබා දෙන්නේ ඉන්ධන මිල අඩු කිරීම සම්බන්ධයෙන් බව ජනාධිපති අපේක්ෂක ජනක රත්නායක මහතා සඳහන් කර සිටිනවා.
ඉන්ධන ලීටරයක මිල රුපියල් 150කින් අඩු කිරීමට තමන් ජනාධිපති වූ පසු කටයුතු කරන බවයි හෙතෙම වැඩිදුරටත් කියා සිටියේ.
ඔහු කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ, 2022 වසරේදී ඉන්ධන ආනයනයෙන් බිලියන 36ක වංචාවක් සිදුව ඇති බව විගණකාධිපති වාර්තාවේ සඳහන් වන බවයි.
ජනක රත්නායක මහතා මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා ලෙස ද මීට පෙර කටයුතු කළා.